By තරිඳු, on December 31st, 2009%
රාවණ රජතුමා ගැන කියන්න දේවල් නම් ඕනතරම් තියෙනවා. වාල්මිකී කියන පාහර බමුණා රාමව දෙයියෙක් කරන්න ලියපු රාමායණයේ සම්පූර්ණයෙන්ම රාවණ රජතුමාව දුෂ්ටයෙක් කරල තියෙන්නෙ. පාවාදීම් ගැන නිතරම ඇහෙන මේ කාලයේ මතක් කරන්න ඕනෙ අපේ ලංකාවේ පලමුවෙනි මහා පාවාදීම උනේ රාවණ රජතුමාව කියන එක. හිනාවට කාරණේ අපේ ඉතිහාසයේ මුල ඉඳන්ම පාවාදීම් තියෙන එක නෙමේ. ඒ පාවා දුන් ද්‍රෝහියා . . . → Read More: ශ්‍රේෂ්ඨ කවියෙකු වූ මහා රාවණ රජතුමා
By තරිඳු, on December 28th, 2009%
පවන් රොදක් සේලඟටම ඇවිදින්මගේ නලල සිඹ හොර රහසේවෙන්වී යනවදමටවත් නොකියානැවතත් එනවද හෙට දවසේ
රාත්‍රිය දිගයිහදවත පාරයිනුඹ ලඟ නැතිනම් හැම දවසේමා ලඟ නුඹ සිටිහැම තත්පරයමපැයකට සමවෙයි රත්තරනේ
එදා පැමිණ ඔබමගේ නලල සිඹගියත් වෙන්වෙලා හොර රහසේඑදා ඉතිරි කරදමා අතැර ගියඔබේ සුවඳ මා . . . → Read More: පවන් රොදක් සේ
By තරිඳු, on December 26th, 2009%
අද නත්තල්. සාමයේ කුමරා ඉපදුනු දවස. එහෙම නැත්නම් ඉපදුනු එක සිහිකරන දවස. ඔන්න ඉතින් මගේ යාලුවෙක් කංකෙඳිරි ගාන්න පටන් ගත්තා රෑට පල්ලි යන්න එන්න කියල. බෑ කියන්න බෑනෙ ඉතින් ඊයෙ 5-6 වෙනකොට මමත් ගියා ඒ ගොල්ලන්ගේ ගෙදර. මම ඉතින් මීට කලින් පල්ලි ගිහින් නෑ. ඒ නිසා මම අඳින්න ඕනෙ මොනාද කරන්නෙ මොනාද කියල කලින්ම අහගත්තා. නෝන්ඩි . . . → Read More: පන්සල් වගේද පල්ලි ? වෙසක් වගේද නත්තල්
By තරිඳු, on December 23rd, 2009%
ලංකාවේ මහ ජාතිය සිංහලලු. යකෝ එහෙනම් ඒක කොහොමද කරුමයක් වෙන්නෙ ? මහ ජාතියට ඔක්කොම ලැබෙන්න එපාය. සුලු ජාතියේ ඉපදුනාම වෙන්නෙ මහ ජාතිය විසින් උන්ගේ අයිතිවාසිකම් උදුරගන්න එක. ඕං අහගනිල්ලකො මහජාතියේ ඉපදීම නිසා මට නැතිවෙච්ච අයිතිවාසිකම්
තමන්ගේ ජාතිය ගැන කතා කිරීමේ අයිතිය
අවුරුදු 2500 කටත් වඩා ඉතිහාසයක් තියෙන, මේ රට ජනාවාස කරපු, ගොඩනගපු තමන්ගේ ජාතිය ගැන මහ ජාතියේ . . . → Read More: සිංහලයෙකු වී ඉපදීමේ කරුමය
By තරිඳු, on December 22nd, 2009%
කතාවක් තියෙනවා එක පින්තූරයක් වචන දාහක් කතා කරනවා කියල. මෙන්න පින්තූරයක් ඇතුලෙ තියෙන පින්තූරයක්. වචන දෙදාහක්. ඔය චිත්‍රය ඇඳපු කෙනාත් ෆොටෝ එකේම ඉන්නවා.. මේ ෆොටෝ එක ගත්තේ අවුරුදු 15ක කෲර සිවිල් යුද්ධයකට පසු ලයිබීරියාවේ පැවැත්වුණු ලමයින් අදහස් ප්‍රකාශ කිරීම ධෛර්යමත් කරන්න තිබ්බ චිත්‍ර ප්‍රදර්ශනය්කදී. ඒකෙන් නිරූපණය වෙන්නෙ ලේ කඳුලු හෙලමින් තමන්ගේ රට නිරපේක්ෂිතව අත්ලන්තික් සාගරයට ගිලා . . . → Read More: යුද්ධය, සාමය, ලයිබීරියාව සහ ශ්‍රී ලංකාව
By තරිඳු, on December 21st, 2009%
අර කල්පා සහෝදරීට පිරිමි පෙන්නන්න බෑ. ඉතින් හැමදාම පුරුසයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. ඔය වෙලාවට ඉතින් අපේ රොෂාන් සහෝ කාන්තාවන්ට විරිද්ධව පාවිච්චි කරන පාලි සහ සංස්කුරුත වචන දෙකක් තියෙනවා. ඒ ද්වංගුලපඥ්ඥ (දෑඟුල් නුවණැත්තී) සහ නරකමාර්ගස්‍යද්වාරදීපිකා (නරකයට යන මාර්ගයේ දොර එලිය කරන්නී). පලවෙනි එක පාලි. දෙවනි එක සඟිස්කුරුත. ඔය දෙකම බ්‍රාහ්මණයො කාන්තාවන්ව හඳුන්වපු වචන මිස රොෂාන් නිර්මාණය . . . → Read More: මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි
By තරිඳු, on December 20th, 2009%
ඊයේ අපි ඔෆීස් එකේ කතා කර කර හිටියේ එක එක අලෙවිකරණ හා ප්‍රචාරණ උපක්‍රම ගැන. කම්පැනි නම ගහපු කැප් කතා කරද්දී අපි කතා උනේ දැන් කවුරුත් කැප් දාන්නෙ නැති එක ගැන. හේතුව දැන් නානා ප්‍රකාර කොණ්ඩා මෝස්තර කල එලි බැහැල තියෙන එක. තොප්පි දාගෙන තමන්ගේ ලස්සන කොණ්ඩෙ වහගන්න කැමති කව්ද ? අද මම කියන්න යන්නෙ මම . . . → Read More: කොණ්ඩ කුරුල්ලෝ
By තරිඳු, on December 19th, 2009%
සූර පප්පා කාටූන් එක බැලුවනම් කාටත් මතක ඇති මල් කුමාරයා සහ මල් කුමාරිව. ජිම් පප්පට මල් කුමාරි ගැන අදහසක් තිබ්බ උනත් අන්තිමට සිදු විය යුතු විදියට මල් කුමාරි අයිති උනේ මල් කුමාරයට. මම මේ කියන්න යන්නෙ සූරපප්පා කාටූන් එකේ දෙන්න ගැන නෙමේ. වෙන දෙන්නෙක් ගැන. මේ දෙන්නගේ කතාවෙනම් මම දන්න තරමින් ජිම් පප්ප කෙනෙකුත් නෑ.
මේ දෙන්න . . . → Read More: මල් කුමාරයා සහ මල් කුමාරී
By තරිඳු, on December 18th, 2009%
අද උදේ පාන්දරම විදුරුවන් අහනවා ක්‍රෙස්කැට් එක පැත්තෙ යන්න අදහසක් නැද්ද කියල. මේ මොකා වැහිලද මූට උදේ පාන්දරම.
“ඒ මොකටද ?”
මෙන්න මේ යකා මට එවනවා ලින්ක් එකක්. E FM එකේ live broadcasting එකක් ක්‍රෙස්කැට් ඉඳලා. මූට මේ ඕන වෙලා තියෙන්නෙ මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් බලන්න. පලයන්කෝ අපිත් ඒකට. SBU එකේ පාර්ටි එකට එන්න බෑ කිව්ව ඒ . . . → Read More: විදුරුවන්ගේ E FM ලව් එක
By තරිඳු, on December 17th, 2009%
අද උදේම තිබුනෙ ජාවෙඩ් සර්ගෙ ලෙක්චර් එක. සර් ඇහුවා පෙරේද උගන්නපු ඒව ට්‍රයි කලාද කියල. මම ඉතින් පැනල දුන්න ඔව් කියල. මම දන්නවයැ මම විතරයි ට්‍රයි කරල තියෙන්නෙ කියල. සර් ඉතින් මාව වර්ණනා කරල මුරුංගා ගහේ මුදුනටම නැග්ගෙව්වා. මමත් ඉතින් නැග්ගා. මගේ අතින් යන එකක්යැ. පන්තියෙ අනිත් උන් හිතනවා ඇති මම උදේ පාන්දරම ගොට්ට ඇල්ලුවා කියල. . . . → Read More: ජාවෙඩ් සර්ගෙ දේශනාව
ලැබුණු ප්‍රතිචාර