By තරිඳු, on January 30th, 2010%
ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක සුර අසුර යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න. නුවණැති වේපචිත්ති අසුර නායකයාට තේරුනා යුද්ධය ඇවිලුනොත් දෙපැත්තටම ගොඩක් හානි වෙනවා කියල. ඒ නිසා වේපචිත්ති ගියා සක්‍ර දෙයියෝ, ඒ කියන්නෙ සුරයන්ගේ (ඉනේ, කරේ බඳින සුර නෙමේ) නායකයා හම්බ වෙන්න.
“මචං සක්‍ර. වලිය පටන් ගත්තොත් දෙපැත්තටම අම්බානකට කන්න වෙන්නෙ. අපි මේක ගොඩින් බේරගමුද ?”
සක්‍ර දෙයියන්ටත් තේරුනා . . . → Read More: තරහ ගියාද ?
By තරිඳු, on January 29th, 2010%
සාමාන්‍යයෙන් සංඝ සමාජයේ හැමදෙයක්ම වගේ සිද්ධ වෙන්නෙ වෘර්ධ පටිපාටියට අනුව. ඒ කියන්නෙ වැඩිහිටි පිලිවෙලට. වැඩිහිටි කම තීරණය වෙන්නෙ ඉපදුන දවස අනුව නෙමේ, මහණ වෙච්ච දවස අනුව. වැඩිහිටියාට තමා මුල් අවස්තාව, පෝලිමක මුල හම්බවෙනෙ. හැබැයි ඔය පටිපාටිය අදාල නැති තැනුත් තියෙනවා. වැසිකිලි, කැසිකිලි යෑම සම්භන්ධයෙන් අනුගමනය කරන්නෙ අවශ්‍යතා පටිපාටිය. නැත්තං ඉතින් මොනා වෙයිද කියල හිතා ගන්න පුලුවන්නෙ.
උදේ . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – II
By තරිඳු, on January 24th, 2010%
මම අලුත් වැඩකට අත ගැහුවා. වැල්වටාරම් නැතුව කියනවනම්, ත්‍රිපිටකයේ සිංහල තේරුම යුනිකෝඩ්කරණයට ලක් කරන්න. තේරුන් නෑ ? ත්‍රිපිටකයේ සිංහල තේරුම දැනටත් ඩිජිටල් මාධ්‍යයෙන් තිබ්බට ඒවා තියෙන්නේ “ත්‍රිපිටක” ෆොන්ට් එකෙන්. අපි කවුරුත් යුනිකෝඩ් ප්‍රචලිත කිරීමට දායක වෙන්න ඕන මම හිතන්නෙ. අනෙක් අතට ත්‍රිපිටකයේ සිංහල තේරුම මේ විදියට තියෙනකොට අපිට ඕන දෙයක් හොයාගන්න පුලුවන්. සමහර අය අර පොතේ . . . → Read More: අලුත් වැඩකට අත ගැහුවා….
By තරිඳු, on January 19th, 2010%
Young monks on field tripOriginally uploaded by martinpettersson.com
කලුවරේම අතගාල එලාම් ඔරලෝසුව හොය ගත්ත. වෙලාව කීයද කියල දන්නවා උනත් ඔරලෝසුවේ වෙලාව බැලුවේ පුරුද්දට වගේ. පාන්දර 4.30. හිරි කඩ කඩා ගිහින් මම කාමරේ ලයිට් එක දැම්ම. මගේ රූම් මේට් වජිර හාමුදුරුවෝ හතරගාතෙ දාල නිදි. එලාම් එකට දහයක් වැදුනත් උන්දැ ඇහෙරෙන්නෙ නෑ. බුරුසුවට දත් බෙහෙත් දාගෙන, පිටි සීනි තේකොල . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – I
By තරිඳු, on January 17th, 2010%
මේ සටහන ලියන්නේ මගේ මිත්‍රයෙක්ගේ මූණු පොතේ ස්ටේටස් එක දැකල ඇතිවුණු හැඟීම නිසා. පොඩි දරුවෝ දෙන්නෙක් මහණ කරනවා දැකපු මගේ මිත්‍රයා සාමාන්‍ය බෞද්ධයෙක් වගේ ඔහුගේ හිතේ ඇතිවෙච්ච පහන් හැඟීම සටහන් කරල තිබුණා. ඇත්ත දන්නවා නම ඇතිවෙන්නෙ තරහක් කියල මම උත්තර දුන්න ඒකට.
අපේ බෞද්ධයන්ට ඕනෙ හාමුදුරුවන්ට කියල සිල් රක්කවලා ඒ පිනෙන් තමන් නිවන් දකින්න. හාමුදුරුවන්ගේ සිල් ගැන . . . → Read More: අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ….. පලමු කොටස
By තරිඳු, on January 16th, 2010%
අදට අච්චාරුවට මාසයයි. මම සිංහලෙන් බ්ලොග් ලියන්න අරං මාසයයි. මාසයක් ඇතුලත මට මේ නිසා ලැබිච්ච දේවල් අසීමිතයි. පලවෙනි වතාවට සින්හල විකිපිඩියාව දැක්කම මට හිතුනෙ, මොන ගොන් වැඩක්ද ? කව්ද මේක සිංහලෙන් කියවන්නෙ කියල. සිංහල යුනිකෝඩ් ගැන මුලින් දැනගත්තේ මූණුපොතේ සමහරු දාන කමෙන්ට් වලින්. පස්සෙ කොත්තුව ගැන දැන ගන්න ලැබුණා. එතනින් තමා සින්හල බ්ලොග් ගැන දැනගන්න ලැබුනේ. . . . → Read More: හැපි බර්ත්ඩේ ටූ මී
By තරිඳු, on January 14th, 2010%
පෙරවදන – කරුණාකර මේ ලිපිය කියවීමට පෙර සොක්‍රටීස් ගැන ලියවුණු පලමු සහ දෙවන සටහන් කියවන්න
විතණ්ඩවාදීන් සහ සොක්‍රටීස් අතර තිබුණු සමානකම තමයි ඔවුන් තමන්ගේ අවධානය ස්වභාව ධර්මයෙන් ඈත් කරල මිනිසා සහ සමාජය පැත්තට යොමු කරපු එක. විතණ්ඩවාදීන් කිව්වෙ ගැඹුරු, පැටලිලි සහගත දාර්ශනික ප්‍රශ්න වලට උත්තර තියෙන්න පුලුවන් උනත් අපිට කවදාවත් නියම පිලිතුරු සොයා ගන්න බැරි වෙයි කියල.
මම . . . → Read More: විතණ්ඩවාදීන්, සොක්‍රටීස් ක්‍රමය සහ අද දවසේ පාසල
By තරිඳු, on January 13th, 2010%
ඔන්න ඉතින් අපේ සොක්‍රටීස් පහල වෙන්නෙ ඔය විදියට විතණ්ඩවාදීන් දර්ශනවාදය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවපු කාලයකදී.
සොක්‍රටීස් කියන්නෙ කව්ද ?
ඔහු ජීවත් උනේ ක්‍රි.පූ. 470 -399 අතර කාලයෙදි. බොහෝ දාර්ශනිකයො ඔහුව හඳුන්වන්නෙ සමස්ත ඉතිහාසයේම තේරුම් ගැනීමට ඉතාම අපහසුපුද්ගලයා හැටියට. ඔහු ඉපදුනේ ඇතැන්ස් නුවර. ඔහුගේ කාලය වැඩියෙන්ම ගත උනේ නගරයේ කඩ මණ් ඩි වල හන්දි වල මිනිස්සුත් එක්ක කතාකරමින්. . . . → Read More: ඇතැන්ස් නුවර ඇට මැස්සා – සොක්‍රටීස් (II)
By තරිඳු, on January 13th, 2010%
පෙරවදන -දර්ශනවාදය මගේ කුතුහලය අවුස්සන විශයක්. මම ඒක ගැඹුරින් ඉගනගෙන නෑ. ඒ නිසා මම කියන දේවල් වල සමහර විට වැරදි, අදු ලුහුඞුකම් තියෙන්න පුලුවන්. දන්නා අය කරුණාකර නිවැරදි කරන්න.———————————————-
දර්ශනය ගැන කතාකරනකොට අපට මුලින්ම මතක් වෙන්නෙ ඇතැන්ස් නුවර වාසය කරපු ප්‍රසිද්ධ දාර්ශනිකයො තුන් දෙනෙක්. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඇරිස්ටොටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගෙ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් ගැන කතා . . . → Read More: ඇතන්ස් නගරයේ ඇට මැස්සා – සොක්‍රටීස් (ඇරඹුම)
By තරිඳු, on January 10th, 2010%
මම මේ දවස් වල බරපතල ලෙස කල්පනා කරමින් ඉන්නවා වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙම්දෝ නැත්නම් බ්ලොගර් වලම සිටිමිදෝ කියල. SBU එකේ ත්‍රෙඩ් එකකුත් පටන් ගත්තා මේක ගැන විපරම් කරන්න. මම ඉතින් මේ දවස් වල වර්ඩ්ප්‍රෙස් දාගෙන ට්‍රයි කරමින් පවතිනවා. ඔබතුමන්ලාගෙත් අදහස් පවසන්න.
ඔය අතරේ මගේ වෙබ් හොස්ටින් කම්පැනි එකක් තියෙන යාලුවට මම කිව්වා, මම දැන් ජාතිකව පිලිගත් . . . → Read More: බ්ලොගර් ද ? වර්ඩ්ප්‍රෙස් ද ?
ලැබුණු ප්‍රතිචාර