මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

“මේ මල ජරා චුරු චුරු වැස්ස පටන් ගන්නෙම එලියට බහිනකොට තමා”

වැඩ ඉවර වෙලා එලියට බහින්න හදනකොටම තමා මේ වැස්ස පටන් ගත්තෙ. මමත් අනිත් අයත් එක්ක අයිනකට වෙලා අහස දිහා බලාගෙන වැස්සට සාප කරන්න පටන් ගත්තා. පැය කාලකට පස්සෙ තමා වැස්ස අඩු උනේ. යාන්තමට වැටෙන පොදේ ගනන් ගන්නෙ නැතුව ගොඩ දෙනෙක් යන්න එලියට බැස්සෙ මේ වැස්ස ඉවර . . . → Read More: මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

My name is Tharindu and i am a terrorist

පොඩ්ඩක් ඉන්න. බය වෙන්න එපා. මම මේ ඇත්තම ත්‍රස්තවාදියෙක් නම් නෙමේ. මට ඒ උනාට මහණ වෙලා හිටපු කාලෙ කට්ටියම කිව්වෙ ත්‍රස්තවාදියා කියල මම කරන වැඩ නිසා. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නෙ අද මම බලපු චිත්‍රපටියක් ගැන. කාලෙකින් බලපු හොඳ හින්දි චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන තේමාවෙන් කතා කරන්නෙ 9/11 වලින් පස්සෙ මුස්ලිම් ජාතිකයන්ට විඳින්න සිද්ධ වෙච්ච . . . → Read More: My name is Tharindu and i am a terrorist

සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VIII

බලන ගල ආවාසය බලාගන්න මට බාර දෙනව කියල දැන ගත්තම සුමේධ හාමුදුරුවන්ගේ මූණ නරක් උනා. මොකද කියලනම් මම දන්නෙ නෑ. ඒ උනත් ඉතින් නායක හාමුදුරුවන්ගේ වචනෙට උඩින් යන්න බෑනෙ, ඒ නිසා එයාට මොනවත් කියන්න බෑ. මාව බලනගල තියල නායක හාමුදුරුවොයි, සුමේධ හාමුදුරුවොයි යන්න ගියා. සුමේධ හාමුදුරුවෝ වෙනුවට මම ආපු එකට කව්රුත් අකමැත්තක් ඇති කියල මම හිතන්නෙ . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VIII

සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VII

උගුර ගාවට එනකම් වැලඳුවාම වෙන්නෙ බත්මත එන එක ඉතිං ඒ නිසා පොඩ්ඩක් ඇලට් එකක් දාන්නත් හොඳම වෙලාව තමා පශ්චාත් දාන කාලය. දවල් නිදාගන්නවනම් දොර වහගෙන නිදාගන්න කියල බුදු හාමුදුරුවො කිව්වට අපේ කාමර වලට දොරවල් තිබ්බෙ නෑ. සෙනසුරාද කියන්නෙ කම්මැලි දවසක්. සමහරු පාඩම් කරනව, සමහරු නිදි, සමහරු ඔහේ ඉන්නව. මමත් පොතක් අරගෙන ඇඳට ආව. පොත කියව කියව . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VII

අඳුරේ තනිවී සිපගමි මම නුඹ

සඳුගෙන් සැඟවී අඳුරේ තනිවී
සිපගමි මම නුඹ
හමුවී හොරැහින් වෙන්වෙමු හනිකට

ඇසෙනට බියවී කොඳුරමු රහසේ
නොදොඩමු වදනක් ලඟ නම් කිසිවෙක්
රහසේ තනිවී සුසුමින් පතනෙමු
නිදහස් දවසක් – හිනැහෙන දවසක්
හිරුගේ දවසේ නුඹ සිප ගන්නට
හඞගා කියන්න මේ මුලු ලෝකෙට
මෙන්න බලාපන් මගේ පෙම්වතා,
මෙන්න බලාපන් මගේ මුව මත
ඔහු තැබු හාදුව……

inspired by the song “we kissed in the shadow” . . . → Read More: අඳුරේ තනිවී සිපගමි මම නුඹ

සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VI

පෙරවදන : බණ අඩු කරල කතාව කියන්න කියල ඉල්ලීම් ආපු නිසා ඔන්න මම ආපහු කතාවක් විදියට මේක කියනවා. සමා වෙන්න ඕනෙ කට්ටියම මට අයාලේ ගියාට. මොනා කරන්නද තාම පුරුද්දට මොනා කියන්න ගියත් නතර වෙන්නෙ බණ කියල. ඒ නිසා පහුගිය කොටස අතඇරල දානෙට යන්න ලෑස්ති උන තැන ඉඳල කතාව කතාවක් වගේ කියන්නම්…………………

කොහොම හරි ඔන්න ඉතින් දානෙට යන්න . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – VI

සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – V

කෑමයි හාමුදුරුවොයි කියන්නෙ ගහට පොත්ත වගේ බැඳුනු දෙකොටසක්. මතකද දස අකැප වස්තු ? මේ දස අකැප වස්තු නිසා පලවෙනි වතාවට බුද්ධාගම දෙකට බෙදුනා. ඒ දස ඇකැප වස්තු වලින් 9ක්ම මට මතක හැටියට කෑම සම්භන්ධ ඒවා. එතකොට භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සම්භන්ධව පනවපු අචාර ධර්ම විධි වලිනුත් වැඩි කොටස ආහාර ගැන. “ඒකෝ නාම කිං ?” (එක නම් කුමක්ද . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – V

සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – IV

උදේ දානෙ ඉඳන් දවල් දානේ වෙනකම් වෙලාව තියෙන්නෙ විවේකයෙන් ඉන්න. පිරිවෙණේ ගෙදර වැඩ කරන්න, පාඩම් කරගන්න තියෙන ඒවා පාඩම් කරන්න, නාගන්න, සිවුරු හෝදගන්න, ඔය මුකුත් නැත්නම් හතර ගාතෙ දාල නිදාගන්න තියෙන්නෙ ඔය වෙලාව තමා. අද සෙනසුරාදා නිසා එච්චර කලබලයක් නෑ. ගොඩක් වෙලාවට කෙස් බාන්නෙ සති අන්තේ. ඒ නිසා නාන තැන ටිකක් කලබලයි. මමත් උදේපාන්දරින්ම කෙස් බාගෙන . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – IV

නුඹෙ මුව මත මගෙ මුව තිබුණාදෙන්……

ගඟ හෙමි හෙමිහිට
ඔහෙ ගැලුවාදෙන්
නුඹෙ හදවත මා
ලඟ තිබුණාදෙන්

බඹරුන් විත් මල්
රොන් අරගත්දෙන්
නුඹ හා මා නෙත්
මුණ ගැසුනාදෙන්

වැසිදිය මල් පෙති
පොඩි කෙරුවාදෙන්
නුඹෙ මුව මත මගෙ
මුව තිබුණාදෙන්

මට 17 කාලේ ලියපු තවත් . . . → Read More: නුඹෙ මුව මත මගෙ මුව තිබුණාදෙන්……

කොපි කිරීම

“අලුත් අලුත් දෑ නොසිතන නොතනන ජාතිය ලොව නොනගී” කියල මම කොහේදෝ මන්දා කියවල තියෙනවා. ඒත් මතක නෑ කොහේද ? මේක කිව්වෙ ලාංකිකයෙක්ද නැත්නම් පිට‍රැටියෙක්ද කියල. මේ කාරණේ මට ආපහු මතක් වෙන්න හේතු උනේ මම SBU ගූගල් සමූහයේ පටන් ගත්ත ත්‍රෙඩ් එකක්. ඒ අනුන්ගෙන් කොපි කරල දාන බ්ලොග් සම්භන්ධයෙන්. අරමුණ මේ කාරණාව සම්භන්ධයෙන් අනෙක් සාමාජිකයන් දැනුවත් කිරීම. . . . → Read More: කොපි කිරීම

lankeeya sithuwili

යන එන ඇත්තෝ