By තරිඳු, on March 25th, 2010%
අකෝන් නිසා මේ දවස් වල මාර කලබල. අපේ බ්ලොග් කට්ටියත් හෝ ගාල ලියනව. ඔය අස්සෙ ඉතින් මටත් මේ ගැන ලියන්න හිතුන. ඊට කලින් මම ගියා අපේ මංත්‍රී හාමුදුරු කෙනෙක්ගෙන් මේ ගැන අදහස් දැන ගන්න. යනකොට හාමුදුරුවෝ දවල් දානෙ වලඳලා බුලත් විකක් හප හප ඉන්නව.
“ආ මේ අපේ හීරලු ලමයනෙ. කාලෙකින් මේ පැත්තෙ. මම හිතන්නෙ අව්රුදු 3 කින් . . . → Read More: බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුදුරුවනේ
By තරිඳු, on March 18th, 2010%
සුදත්ත සාදුගේ කතාව එකපාරට නවත්තපු එක ගන නම් කිසිම කෙනෙක්ගේ කැමැත්තක් නෑ වගේ. මට ඊ මේල් වලින්, මූණු පොතෙන් ඒ වගේම කමෙන්ට් කරල මේ ගන අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මම ලියන ඒව ගොඩක් අය කියවන බව දැන ගන්න ලැබීම හරිම සතුටක්. මගේ පාඨකයන්ගේ අදහස් සැලකිල්ලට අරගෙන, කතාව නවත්තපු තැන ඉඳන් ඉස්සරහට ලියන්න මම තීරණය කලා. කතාව . . . → Read More: මගේ පාඨකයනි, මේ ඔබේ අවධානයට…….
By තරිඳු, on March 13th, 2010%
“සුදත්ත හාමුදුරුවෝ හවස් වෙලා ගල්පොත්තට යමුද ?”
ගල්පොත්ත කියන්නෙ අපි මේ ඉන්න කන්දේ මුදුන. එතනට ගියාම සම්පූර්ණ වටපිටාව ලස්සනට පේනවා. උසම කොටසේ තියෙන්නෙ ගුවන් විදුලි සම්ප්‍රේෂ්ණ කුලුනක්. ඒ හරිය පොඩි කැලෑවක් වගේ. හරිම නිසන්සලයි. අපේ ආවාසේ ඉඳල විනාඩි දහයක ගමනකින් යන්න පුලුවන් එතනට.
“හරි එහෙනම් අපි හවස යමු පික්නික් එකක්. හතරට විතර යමු අව්ව බැස්සම.”
පොඩි උන් ටික මහන්සි . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොත XII අවසානය
By තරිඳු, on March 11th, 2010%
කියන්න, ලියන්න දේවල් ගොඩක් තියෙනව. කොහෙන් පටන් ගෙන ඔහෙන් ඉවරයක් කරන්නද කියල මමත් දන්නෙ නෑ. හිතට එන විදියට කියන්නම්. මෙච්චර කාලෙකට මම හිතන් හිටියේ බ්ලොග් අවකාශේ ඉන්න එකම හීරලුවා මම කියල. පහුගිය දවස් ටිකේ මම වැරදි බව මට විතරක් නෙමේ හැමෝටම තේරුනේ, හැමෝම කියවන කසූගේ (කතන්දර සූරීන්) ලිපියක් කියවල ඒකට කමෙන්ට් දාපු මාරයාගේ හෝරාව ලියන කුමාර . . . → Read More: හීරලුවා, යාලුවෝ සහ බ්ලොගර් චරිත
By තරිඳු, on March 9th, 2010%
දවසක උදාව… සිලෝන්ටා…..
අනේ නෑ සිලෝන්ටා නෙමේ ලාඕජී තිබ්බෙ තේ හදන්න. තේ බීල ඉවර වෙලා මම තනියම පිණ්ඩපාතේ ගියා ඊයේ ගිය දිහාම. රාහුල-සුජාත දෙන්නව අනිත් පාරවල් දෙකේ යැව්ව පාරවල් දන්න දෙන්නෙක් එක්ක. පිණ්ඩපාතේ ලැබීමේ පැහැදිලි වැඩිවීමක් දකින්න ලැබෙනවා මට. හේතුව නම් පැහැදිලියි. ඒ තමා සිවුරේ වර්ගය. කරුණේ අයියා කඩේ ගිහින් පාන් ගෙනත්, පරිප්පු හොද්දකුත් හදල තිබ්බ. මොනා . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොත – XI
By තරිඳු, on March 8th, 2010%
“අර තුන්දෙනා මෙහාට අරගන්නම්, හැබැයි තුන් දෙනෙක් වෙනුවට එහාට පස් දෙනෙක්වත් යවන්න වෙයි.”
නායක හාමුදුරුවෝ කිව්ව.
“දැන් මෙහේ කට්ටිය වැඩි වේගෙන එන්නෙ. ඒ මදිවට බංග්ලාදේශෙන් 5 දෙනෙක් එනව ලබන සතියේ. එහේ තව ඕන තරම් ඉඩ තියෙනවනෙ.”
පණ්ඩිත හාමුදුරුවෝ පැහැදිලි කලා.
“ඒත් හාමුදුරුවනේ දානේ ප්‍රශ්නෙ….”
මේක නිකන් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේනෙ. ඉන්න කට්ටියට කන්න මදි කිව්වම තව අය එවන්න හදනව.
“කරුණෙ . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – X
By තරිඳු, on March 5th, 2010%
ඉස්සරහ තියෙන පොඩි ටීවී ස්ක්‍රීන් එකේ ලන්කාවේ සිතියම පේනව. ඒකේ තියෙන විදියට දැන් ප්ලේන් එක යන්නෙ අනුරාධපුර උඩින්. මම ජනේලෙන් එලිය බැලුවා නිමේෂාගේ ගෙවල් පේනවද කියල. සුදුපාට වලාකුලු ඇරෙන්න වෙන මුකුත් පේන්නෙ නෑ. මටත් පිස්සු. හොඳටම පිස්සු. එයා දැන් මොනව කරනවද දන්නෙ නෑ. සමහර විට බලාඅගෙන ඇති. එයා දන්නවනේ මම ලෑන්ඩ් කල ගමන් sms එකක් එවනව . . . → Read More: පමා වැඩී ඔබ පමා වැඩී
By තරිඳු, on March 3rd, 2010%
මේ කෙටි සටහන ලියන්න අදහස පහල වෙන්නෙ ඩීන්වීන් සහෝදරයාගේ ලිපියක්. එයා සිරීපාදේ යන වෙලාවේ නල්ලතන්නියේ “පන්සල් වගෙ කඩකාමර කෑලි” කීපයක හිටපු හාමුදුරුවරු වගයක් පිරිත් නූල් බැඳල ඒකට සල්ලි ගත්තු කතාවක් තමා කියවෙන්නෙ. රනිල්ගේ භාෂාව උදාහරණයට අරගෙන ඒ අය වෛතුල්‍යවාදීන් බවටත් එහිදී කියවෙනවා. කෙසේ වෙතත් මේ සිද්ධිය සහ ඉඳිකටුපානේ නූල්, ඉඳිකටු විකිණීමත් මෙතනදී විවේචනයට ලක්වෙනව.
ඇත්තටම ඔය . . . → Read More: සිරීපාදේ, හාමුදුරුවෝ සහ සල්ලි
By තරිඳු, on March 3rd, 2010%
අතැඟිලි, හසරැලි,සිතුවිලි පැටලී
මං මාවත් වල යන එන විටදී
මතකද ඔබ නිරතුරුම පැවසුවා
“සසර වසන තුරු” ඔබ මා ලඟ බව ?
අතැඟිලි ගැලවී, හසරැලි වියැකි
මගතොට අද තනිව්ම යනඑන විට
අදත් ඇසෙනවා, අදත් පෙනෙනවා.
නුඹ වාගේ අය මා වැනි අය හා
අතැඟිලි පටලා හසරැලි මවලා
ආයේ ආයේ එයම . . . → Read More: සසර වසන තුරු ඔබ මා ලඟ
By තරිඳු, on March 1st, 2010%
මහ පන්සලේ වගේ නෙමේ මේ පලාත පුදුම සීතලයි. උදේට නැගිටිනව කියන එක මාර අමාරු වැඩක්. ඒ උනත් පුරුද්දට මට ඇහැරුනා. මම මූණ කට හෝදගෙන වතුර ලිපේ තියල ඇවිත් වප්ප හාමුදුරුවන්ව ඇහැරෙව්ව. උන්නාන්සෙත් හිරි ඇර ඇර මගේ පස්සෙන් ආව.
“කට්ටියව නැගිට්ටන්න වෙනවද වප්ප හාමුදුරුවෝ ?”
“ඔව් නැත්නම් නැගිටින්නෙ නෑ කවුරුත්. මම ඇහැරවන්නම්. සුදත්ත හාමුදුරුවෝ තේ හදන්න.”
මම තේ හදල ඉවර . . . → Read More: සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – IX
|
|
|
ලැබුණු ප්‍රතිචාර