ඔබද රෝමානු ආගමේ ජේසු ?

අපේ කසූ (ඒ.කේ.ඒ. කතන්දරකාරයා) චූ කතා කියල සිංහල බ්ලොග් අවකාශයම ගඳ ගස්සවල ඉවරවෙලා දැන් ඔන්න හාමුදුරු කතා කියල බුද්ධාගම විනාස කරන්න මාත් එක්ක එකතු වෙලා.  ඉතින් ඔය අල්ල පනල්ලෙ මට හිතුන මැරතන් එකට ලිව්ව හාමුදුරු කතන්දරයක් හුදී ජන පහන් සංවේගය උදෙසා නැවත වතාවක් අච්චාරුවේ පල කරන්න ඕනෙ කියල.

මේ කතාව ඇත්තම කතාවක්. මීට අවුරුදු 40 කට විතර කලින් වෙච්ච එකක්. ස්ථානය කොලඹ හොඳ බෞද්ධ පාසලක් වන _ _ _ දේ. ඔන්න ඉතින් මේ ඉස්කෝලෙ හිටියලු බුද්ධාගම උගන්නන හාමුදුරු කෙනෙක්. මාර වසවර්තිලු. කසූ කිව්ව වගේ නිතරම ඉරාකෙට බෝම්බ දාන ජෝර්ජ් බුෂ් ටයිප් එකේ.

දැන් නම් ඉස්කෝල වල කොහොමද දන්නෙ නෑ, මම ඉස්කෝලේ (ප්‍රාථමික) යන කාලේ  නම් ඉස්කෝලෙ ඉවර වෙලා ඡත්ත මානවක ගාථා කියල තමා එලියට බහින්නේ. ඒ උනාට ඉතින් ඕකේ තේරුම කීයෙන් කීදෙනාද දන්නෙ. එක දවසක් මේ හාමුදුරුවෝ පන්තියට ඇවිත් ලමයින්ගේ බුද්ධාගම දැනුම පරීක්ෂා කරනවලු. පලවෙනි ප්‍රශ්නේ ඡත්ත මානවක ගාථාවල තේරුම කියන්න. පන්තියේ එකෙක්වත් දන්නෙ නෑ. ඔක්කොම තක්බීර් වෙලා බලාගෙන ඉන්නවා. හාමුදුරුවන්ට ජෝර්ජ් බුෂ් වැහීගෙන එනවා. ඔන්න ඔය අතරේ ඇම්ඩන්කාරය, පන්තියේ ඉන්න එපාම කරපු නසම නසරානියා අත උස්සනවා. හාමුදුරුවන්ට මාර සතුටුයි. හාමුදුරුවෝ මේකාව වර්ණනා කරනව ඉතින්. “බලන්න හැමෝම නරකයි කිව්වට මේ ලමයාගෙ කොච්චර හොඳ තියෙනවද ?”

“හාමුදුරුවනේ මම පලවෙනි ගාථා වේ තේරුම විතරයි අහල තියෙන්නෙ. ඒකත් හරියටම හරිද දන්නෙ නෑ.” ඇම්ඩා කිව්ව.

“ඒකට කමක් නෑ. දන්න විදියට කියන්නකෝ.” හාමුදුරුවෝත් උත්ත්ටර දුන්න.

ඇම්ඩන් නැගිට්ට. අත්දෙකත් නලලට කරල වැඳගෙන මෙහෙම තේරුම කිව්වලු.

යෝ වද තං පවරෝ මනු ජේසු – ඔබද රෝමානු ආගමේ ජේසු

සක්‍ය මුනි භගවා කතකිච්චෝ – සාක්‍ය මුණි භග්‍යවතුන් වහන්ස එසේය.

පාරගතෝ බල විරිය සමංගී – පාරදිහා බලාගෙන විරිත්තන්නෙ මොකෝ

තං සුගතං සරණත්ථමු පේමී – මම මේ සුගතං අයිය එනකන් බලන් ඉන්නව

ප.ලි. ඇත්ත තේරුම. මම අහල තියෙන කවියක්.

කතා කරන මිනිසුන්ට උතුම් වූ
සාක්‍ය මුණි භගවත් මුණිඳුන් වූ
බුදු කිස නිම කල – බලවෙර පලකල
සසරින් එතෙරට වැඩි නිදුකාණන්
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමී.

EAVB_XGWMQYANRG

35 comments to ඔබද රෝමානු ආගමේ ජේසු ?

  • මාර තේරුමක්නේ..මේ ඕකේ හරි තේරුමත් දාන්ඩෝ. දන්නැති කට්ටියට හරියටම දැනගන්න නැත්තං මේක හරිය එක කියල හිතයි..

  • mama

    agama kamwa kiyana eka ahanna deyak naha tharidu wade elata denwa apyadi api hambawemu.

    • තරිඳු

      අයියෝ සොරි මචෝ. මට සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ස්වර්ගයට වීසා හම්බ වෙලා තියෙන්නෙ. ඒ නිසා හම්බ වෙන්න වෙන එකක් නම් නෑ

  • ඇත්තටම ගමේ ඉස්කෝලෙට යන කාලේ නම් හැමදාම හවස ඉස්කෝලේ ඇරෙද්දී ඡත්ත මානවක ගාථාව කිව්වා. 5 වසරෙන් පස්සේ ගිය රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙදී හවසට කිව්වේ සිංහල විද්‍යාලයීය ගීතය. ඔයත් දන්නවානේ අයියේ ඒක.

    ඒත් කොහොමින් කොහොම හරි දහම් පාසලේදී හැම ඉරිදමත් ඡත්ත මානවක ගාථා කිව්වා. ඒත් කියන්න ලැජ්ජයි මම තාමත් ඒ ගාථාවල තේරුම හරියට දන්නේ නැහැ.

    ඒ වගේම දහම් පාසල් පොත්වල ගාථාවයි තේරුමයි නැහැ මම හිතන විදිහට. ඕවා හදන අයත් හිතන්නේ ගිරා පරපුරක් හදන්න වෙන්න ඇති.

    අයියට පුලුවන් නම් ගාථා 3 නේම තේරුම් සහිතව දාන්න ඒක හුඟක් හොඳ වැඩක් මම හිතන විදිහට

  • Sugathan Appa

    Ha! Ha!! Ha!!! hinawela pana yanawa. Ela Ela.

  • අර්ථ දක්වල තියෙන හැටි පොඩ්ඩක් වැරදියිනෙ. ඔන්න නිවැරදි කරනවා.

    යෝ වද තං පව රෝ මනු ජේසු – යෝදයෝ, රෝමානු ජේසුට වද දීම පවක්ද?

    සක්‍ය මුනි භගවා කතකිච්චෝ – සාක්‍ය මුණි භග්‍යවතුන් වහන්ස එසේය.

    පාරගතෝ බල විරිය සමංගී – පරගැතියෝ, බලාපන් (අපේ) විරුවන්ගේ සමගිය

    තං සුගතං සරණත්ථමු පේමී – එසේය සුගතානනි, මම (ඔවුන්) ප්‍රේමයෙන් සරණ යමි.

  • මං පොඩි කාලෙ අහපු විදියට තේරුම මෙහෙමයි.

    යෝ වද තං පවරෝ මනු ජේසු – තෝ ද බොල රෝමානුවේ ජේසුවා

    සක්‍ය මුනි භගවා කතකිච්චෝ – එසේය ශාක්‍යමූනීද්‍රයාණන් වහන්ස

    පාරගතෝ බල විරිය සමංගී – එසේ නම් තෝ පාරට වී විරිත්මින් සමයං කරන්නේ ඇයි?

    තං සුගතං සරණත්ථමු පේමී – මගේ ප්‍රේමිය වන සුගතං ගේ දුව එනකං බලා සිටිමි ස්වාමිනී

    -KK aka KS

  • පංච මහා වාද වලින් එකකදිත් මේ ගාථාවට මෙහෙමම අංජබජල් තේරුමක් කිවුවා නේද ? වාද 5න් කොයි එකද කියල මතක නෑ.

    • තරිඳු

      මමත් අහල තියෙනව. පානදුරා වාදයෙදිලු. හරියටම දන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ ජේසු ගැන අනාගත වාක්‍යයක් කියල තියෙනවද ඇහුවම මේක කිව්වලු. බොරු කතාවක් වෙන්න ඇති මම හිතන්නෙ

      • නැහැ ඇත්තටම වෙලා තියෙනවා. ඔය වාද පහේ කරපු කතාවල් එකතුවක් පොත් විදිහට තියෙනවා. ඒ පොතක ඔය කතාව තියෙනවා

  • Anonymous

    patta….

    matanam paali gaatha kiyanne
    Greek wage….

    aagama gena podi aasawak ethi une ariyadamma saaduge kawi hinda…

    ewanam maarai…

    mama hithanne budu saaduth ehema wenna ehi

    • තරිඳු

      මටත් පාලි ටිකක් අප්සට්. අරියධම්ම හාමුදුරුවෝ කියන්නෙ වටිනා, පූජනීය චරිතයක්.

  • matanam paali gaathaa kiyanne Greek walatath eha…

    aagamata aadarae karanna patan gaththe Aachchi ekka ariyadamma saaduge kawi ahala.. ewanam maara rahai…

    mama hitanne budu saasaduth e wage wenna ethi

  • මේ ගාථාවෙ අදහස එන්න එන්නම පැහැදිළි වෙනවා. මට පෙනෙන්නේ අග පද දෙක මාරු වෙලා වගේ. මාරු ඇරියාම නවතම තේරුම මෙහෙමයි.

    යෝ වද තං පවරෝ මනු ජේසු – තෝ රෝමානු ජේසුට වද දුන්නෙ ඇයි?

    සක්‍ය මුනි භගවා කතකිච්චෝ – සාක්‍ය මුණි භග්‍යවතුන් වහන්ස, (ඔහු මගේ ) කට කිචි කැව්වා

    තං සුගතං සරණත්ථමු පේමී – මගේ ප්‍රේමිය සුගතං එක්ක සරණ ගතවූ බැවින්

    පාරගතෝ බල විරිය සමංගී – පාර දිගේ සමාන කෑල්ලක් (එනතුරු ) බලා හිඳ වීරිය කරමි. (ට්‍රයි කරමි.)

  • Menna buddhaagamata apahaasa karanavooooo!!!!!!!!!!!!!

  • මානසිකව ඇදවැටුනු පිරිසක්!
    සාමාන්‍යයෙන් මේවට කියන්නේ මෝඩ ජෝක්ස් නැත්නම් ගොන් ජෝක්ස් කියලා. මේ සිදුවීම ඇත්තක් උනත් නැත්තක් උනත් වැඩක් මේක මොන අරමුණකින් ලියපු එකක්ද කියල පැහැදිලියි. සුපුරුදු රංචුවම comments දාන්නත් ඇවිත් තියෙන්නෙ.
    මට dhammamedicine group එකෙන් මෙම ගාථා වල තේරුම ලැබී තිබුනා. අවශ්‍ය කෙනෙකුට පහත ලින්ක්ස් වලින් ඒවා බලන්න පුලුවන්.

    Chathtamanavaka_Gatha1

    Chathtamanavaka_Gatha2

    Chathtamanavaka_Gatha3

    • තරිඳු

      මම ඒත් බැලුව මහා බෞද්ධයා මොකෝ තාම නැත්තේ කියල. කමක් නෑ පරක්කු වෙලා හරි ආවනේ. කොහොමද වෙසක් ?

  • V

    apoi.

    dannne therune.

    Thank you

  • ඔය ගාථාව අපිත් ඉස්කෝලෙ යන කාලෙ කිව්ව. ඒත් තේරුම දැනගෙන හිටියෙ නං නෑ.

  • මමත් මේ ජාතියේ කතාවක් ලිව්වා අයියේ මෙන්න බලන්න

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_29.html

  • @ කනිෂ්ක ඩිල්ෂාන්

    එළ කොල්ලෙක්නේ, ගොඩක් පින්…
    මේව අහින්සක විහිළු මේවට කිපෙන්න එපා.. ක්‍රිස්තියානි ආගමෙත් මේව ඕන තරම් තියෙනව. මට මතකයි සමහට කොල්ලො කියනව…

    යෝවද තම් පව රෝ මනු ජේසූ…
    ජේසුගේ අම්මට බාගෙට පිස්සු… කියලත්

  • මමත් කියෙව්වා සතර මහා වාද කියලා පොතක්. ඒ පොතේ තිබ්බා බද්දේගම, උදන්විට, ගම්පොළ හා පාන්දුරා වාද . ඒකේදී පානදුරාවාදය තුළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ උපත ඊට බොහෝ කාලෙකට පෙර අනාවැකියක් ලෙස කියලා තිබෙන බව දක්වනවා.

    ද්වාපර යුගයේ ජීවත්වුණු වේදව්‍යාස නම් සෘෂිවරයා ලියපු භගවත් පුරාණය ග්‍රන්ථයේ මේ විදිහට දක්වනවාලු.

    “අථඃකලෞසංප්‍ර චෘත්ථෙ සම්මොහාය සුරද්වීසාම්
    බුද්ධො නාම්නාජීනසුතඃ කීකටෙෂුභවිෂ්‍යති”

    ඒකේ අර්ථය කලියුග වර්ෂය එලැඹි කළ ගයාශීර්ෂයේ බුදු කෙනෙක් පහළ වන බවයි.

  • ඡත්ත මානවක ගාථාවල නිධාන කතාවත්, ඒක වර්තමානයේ භාවිතයට ආපු හැටි කියන වත්මන් කතාවත් ඇතුළත් post එක

    http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html

  • christian

    කිතු දහමට නිගා කිරීම නවත්වන්න.

  • Ran

    ඔක්කොටම අමතක වෙච්ච දෙයක් තියනවා. ඒක තමයි රෝමානු ජෙසු කියලා කෙනෙක් නැතිබව. ජෙසු තුමා රෝමයේ පස් පෑගුවේවත් නෑ.

    • තරිඳු

      මෙතන රෝමයේ කියල අදහස් කලේ රෝම රාජ්‍යය මම හිතන්නෙ. රෝම නගරය නෙමේ.

  • කස්ටියගෙම පාලි භාශා ඥානය නම් මාරයි . . බඩුම තමයි . . hik hik

  • middle of the path..

    agamika sathru warayekta nigakirima pilikul sahagatha wadak..
    bauddayage ananyathawa wenath agam walata apahasa kirimada???
    pl dnt do things like this..

Leave a Reply

 

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


lankeeya sithuwili

යන එන ඇත්තෝ