කලින් පෝස්ට් එකෙන් මගේ favorite shopping complex එක විනාස කරපු එක ගැනයි තක්ෂින් ගැනයි කතා කලානේ. අද කියන්න යන්නෙ තක්ෂින්ට එල්ල වෙච්ච චෝදනා ගැනයි හමුදා කුමන්ත්‍රණේ ගැනයි……… පලවෙනි කොටස කියෙව්වෙ නැත්නම් මෙතනින් කියවන්න. හිතක් පපුවක් නැති රතු ෂර්ට් කාරයෝ.. පාහරයෝ.. I
තක්ෂින්ට විරුද්ධව එල්ල වූ චෝදනා…
Policy corruption
ඒ කියන්නෙ යම් නීති පැනවීමක්, පවතින නීතියක් ලිහිල් කිරීමක්, රාජ්‍ය ප්‍රතිපත්තියක් පැනවීම/වෙනස් කිරීම වගේ දෙයක්, සමාජයට, රටට වාසියක් උනත් ඒකෙන් පෞද්ගලික වාසිත් ලබා ගන්නවා නම් ඒකට කියනව Policy corruption කියල. 2003 වසරේ තායි ආයෝජන මණ් ඩලය තක්ෂින්ට අයිති ශින් සැටලයිට් සමාගමට තායි බාත් බිලියන 16 ක බදු සහන ලබාදීම ගැන චෝදනා එල්ල උනා. ඒ වසරේම ප්‍රවාහන අමාත්‍යාංශයේ අවම ගුවන් ගමන් ගාස්තුව වෙනස් කලේ Air Asia සමාගම එක්ක තක්ෂින් හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන උන නිසා බවටත් චෝදනා එල්ල උනා.
conflict of interest
ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්ගේ තීරණ වලට පෞද්ගලික අභිරුචියේ බලපෑම. තක්ෂින්ගේ බිරිඳගේ ඉඩම් දේපල ගන චෝදනා වගේම තමන්ගේ සහෝදරයෙක් හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා හැටියට පත් කිරීමත් මේ යටතේ එල්ල උන චෝදනා වලින් කීපයක්.
මීට අමතරව මාධ්‍ය නිදහසට බාධා කිරීම, රාජ්‍ය පත්වීම් වලට ඇඟිලි ගැසීම වගේ චෝදනාත් ඔහුට විරුද්ධව එල්ල උනා.
2006 දේශපාලන අර්බුදය හා හමුදා කුමන්ත්‍රණය
තක්ෂින්ට විරුද්ධව චෝදනා ගනනාවක් කාලයත් එක්ක එල්ල උනත් ලොකුම බලපෑම උනේ තක්ෂින් පවුල තමන්ට අයිති ශින් සමාගම (Shin Corp) සිංගප්පූරු සමාගමකට විකිණීමත් සමග. මේ ගණුදෙනුව කිසිම බදු ගෙවීමකින් තොරව කෙරුණා කියන එක ගැන වගේම ජාතික වටිනාකමකින් යුතු ආයතනයක් විකිණුවා කියලත් චෝදනා එල්ල උනා. තක්ෂින් විරෝධීන් උනේ බොහෝ විට නාගරික උසස් හා මධ්‍යම පාන්තිකය රාජතුමාට පක්ෂපාතීන්. ඊට අමතරව “ශාන්ති අශෝක්” කියන බෞද්ධ නිකායත් මේකට එකතු උනේ ඒකේ නායක හිමි තක්ෂින් තදින්ම විවේචනය කල නිසා. රජයේ පෞද්ගලීකරණ වැඩපිලිවෙලට අකමැති උන රාජ්‍ය සේවකයොත් පසුව මේකට එකතු උනා.
පලවෙනි තක්ෂින් විරෝධතාවය 2006 ජනවාරි පැවැතුනත් ඒකට සහභාගී උනේ සිය ගනණක් විතරයි. පෙබරවාරි තිබුණු රැලියට 40000-50000 පමණ සහභාගී උනා.මේ අතරේ තක්ෂින්ට සහය දක්වමින් පටන් ගත්තු රැලියකුත් පැවැත්වුනා. ඒකට 150000 විතර ප්‍රමාණයක් සහභාගී උනු බව සඳහන්.
මේ අතරේ තක්ෂින් කලේ පාර්ලිමේන්තුව විසුරුවා හැරල මැතිවරණයක් ප්‍රකාශ කිරීම. ඒ උනත් විපක්ෂය මේ මැතිවරණය වර්ජනය කලා. තක්ෂින් ගේ පක්ෂය මැතිවරණය දිනුවා උනත් විරුද්ධ පාක්ෂිකයෝ ඒක පිලිගත්තේ නෑ. මැතිවරණය අවලංගු කරන ලෙසත්, රජතුමා විසින් අගමැති වරයෙකු පත් කල යුතු බවටත් ඔවුන් ඉල්ලා හිටියා. රජතුමා මේකට මැදිහත් වීම ප්‍රතික්ෂේප කලා.
2006 අප්‍රේල් මාසයේදී තක්ෂින් නිවේදනය කලා තමා නැවත රැස්වෙන පාර්ලිමේන්තුවේ අගමැති නොවන බවටත් එතෙක් භාරකාර අගමැති වශයෙන් පමණක් කටයුතු කරන බවටත්. මැයි මාසයේදී රජතුමා නියෝග කලා මේ ප්‍රශ්නය ව්‍යවස්ථා අධිකරණය විසඳිය යුතු බවට. අධිකරණය අප්‍රේල් මැතිවරණය අවලංගු කර ඔක්තෝම්බර් මාසයේ නැවත මැතිවරණයක් කැඳෙව්වා. මැතිවරණ කොමිසමේ කිහිප දෙනෙකුත් ඉවත් කලා.
රජතුමාගේ රාජ්‍යපදවි ප්‍රාප්ත සංවත්සරය දවසේ නිකුත් වුනු පුවතකින් කියවුනේ තක්ෂින් රජතුමා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණ කරන බවයි. මීට පිලිතුරු වශයෙන් තක්ෂින් ව්‍යංගාර්ථයෙන් කරපු ප්‍රකාශයක් රජතුමාට එරෙහිව කරපු එකක් බව රාජකීය පවුල තීරණය කලා. ප්‍රිවි කවුන්සිලයේ සභාපති වරයා ප්‍රකාශ කලා රටේ හමුදාව ආණ්ඩුවේ නියෝග නොව රජුගේ නියෝග පමණක් පිලිපැදිය යුතු බව.
2006 අගෝස්තු මාසයේදී තක්ෂින්ව එල්ල කරගෙන කාර් බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කලත් ඒක වැරදුනා. මෙය හමුදාවේ සමහරකගේ උපායක් බව හෙලිඋනා.
මේ ප්‍රශ්න සියල්ලම නිමා කරමින් 2006 සැප්තැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක උනා. රජු බලයෙන් පහ කිරීමට උත්සාහ කිරීම ඇතුලු චෝදනා ගනනාවක් තක්ෂින්ට විරුද්ධව එල්ල උනා.
ඔය වගේ දේවල් ලංකාවෙ උනොත් අපේ උං උඩ බලාගෙන ඉදියි.
දැනටත් ඉතින් උඩ බලාගෙනනේ ඉන්නෙ
ලන්කාවටත් මෙහෙම වෙවි මයෙ හිතේ..
ආධාර ලැබෙන ක0 හොදා,නැති වුනාම රට ගොඩගන්න විකුනන්න වෙනවනේ.
එතකොට මිනිසුන්ට තේරෙයි.
ප්‍රාර්තනා කරනව ල0කාවට එහෙම නොවේවා කියල.
@Praසන්ன
It’s difficult for me to type looking at that ugly XXXX face of yours. But do you think it’s fashionable to write your name in Tamil? Do you think any Tamils would write their names in Sinhalese. You’re the second XXXXX with a XXXXX online name. XXXXXXXXXXXXXXXX
XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX.
නිසි බලධාරියා විසින් සංස්කරණය කරන ලදී. – තරිඳු -