අපේ සාමාන්‍ය ස්වභාවය තමා මොකක් හරි ප්‍රශ්නයක් අපේ ලඟටම එනකන්ම ඒක නොසලකා හැරීම. අර කතාවකුත් තියෙන්නෙ “dont trouble the trouble until trouble troubles you” කියලා. එහෙම නැත්නම් අපිට සම්භන්ධ දෙයකට බලපෑමක් වෙනකම්. මට මේ ගැන කියන්න හිතුනේ තායිලන්තයේ දේශපාලන අවුල මේ හැතැම්ම දහස් ගානක් එහා ඉන්න මටත් බලපාපු නිසා. 2006 වසරේ පටන් ගත්තු මේ අවුලේ හොඳම හරිය පහුගිය සති කීපයේදී බලාගන්න පුලුවන් උනා. ඒක (තාවකාලිකව) අවසන් උනේ රතු කමිස කාරයෝ බැන්කොක් නගරයේ තැන් කීපයක්ම ගිනිබත් කරල. එතනින් එකක් තමයි central world කියන්නෙ. මේ සාප්පු සංකීර්ණය අග්නිදිග ආසියාවේ දෙවනි විශාලම සාප්පු සංකීර්ණය.
ඒකේ තියෙනවා මම මගේ ජීවිතේ දැක්ක ලොකුම බුක් ෂොප් එක. අපිට ඒකේ පොත් කියවන්න පුලුවන්. මම තායිලන්තේ ඉන්න කාලේ පැය ගණන් ඒකට වෙලා පොත් කියවනවා. වාඩි වෙන්න සැප පුටු තියෙනව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ කොච්චර වෙලා හිටියත්. සමහර වෙලාවට සම්පූර්ණ පොතක්ම කියවනව පොත් සාප්පුව ඇතුලේ ඉඳන්ම.
සමහර වෙලාවට මම සල්ලි වලට පොතක් අරගෙන Starbucks එකට ගිහින් medium size cappuccino එකක් extra whip cream එක්ක අරගෙන පාර අයිනේ තියෙන පුටුවක වාඩි වෙලා පොත කියවනව. නැත්නම් පාරෙ යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නව. තව මෙහෙම කියන්න බැරි ගොඩක් දේවල් තියෙනව Central World එක්ක බැඳුණු.
රතු කමිස කාරයෝ විනාස කලේ මගේ ජීවිතේ වැදගත් වෙන තැනක්. අල්ලපු ගෙදර කෙනෙක් මැරෙනවට වඩා අපේ හිතට බලපානව අපේ පවුලේ කෙනෙක් මැරුණොත්. ඒක සාමාන්‍යයි. ඒත් මේ දේශපාලන වියවුල් නිසා මැරුණු මිනිස්සු ගැන පොඩ්ඩක්වත් අවධානයක් නොයොදවපු මට Central world එක විනාස කරල කිව්වම නිකන් ඇඞෙන්න වගේ. මට මනුස්ස ජීවිතේකට වඩා ගොඩනැගිල්ලක් ලොකු උනාද ? එක්තරා විදියකින් හිතට ලැජ්ජාවකුත් ඇති නොවෙනවා නෙමේ. එක අතකට අවුරුදු 30ක් පුරාවටම මහපාරේ බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරල දාල තියෙනව දැකපු අපට මරණය එච්චර ලොකු issue එකක් නොවෙන එක අමුත්තකුත් නෑ. අපි පුරුදු වෙලා.
තායිලන්තයේ දේශපාලන අර්බුදය පටන් ගන්නේ 2006 දී අගමැති තක්ෂින් හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමෙන්.
තක්ෂින් ශිනවත්‍රා
තක්ෂින් පැවත එන්නේ “හක්කා චීන” ජන වර්ගයෙන්. ඔහුගේ මී මුත්තා චීනයෙන් තායිලන්තයේ චැන්ග් මයි ප්‍රදේශයට සංක්‍රමණය වුණු කෙනෙක්. 1938 විතර මේ පවුලම තමන්ගේ “කූ” (KHU) කියන වාසගම අතඇරල “තක්ෂින්” කියන තායි වාසගම පාවිච්චි කරන්න ගත්තා. තක්ෂින්ගේ අම්මාගේ පැත්තේ මිත්තණිය රජ කුමාරිකාවක්. තාත්තා චැන්ග් මයි පලාතේ මංත්‍රී විදියට පත් වුණා. තක්ෂින් ඉපදෙනකොටත් “ශිනවත්‍රා” පවුල චැන්ග් මයි පලාතේ ධනවත්ම වගේ ලොකු බලපෑමක් කරන්න පුලුවන් පවුලක්. පොලිස් නිලධාරියෙක් හැටියට මුලින්ම කටයුතු කරපු තක්ෂින් පස්සේ කාලෙකදි රස්සාවෙන් ඉවත් වෙලා තමන්ගේ ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තත් ඒ ඔක්කොම වගේ අසාර්ථක වුණා. ඔහු පටන් ගත්තු AIS (Advanced Info Service) ඉතාමත් සාර්ථක වුණා.
දේශපාලනය
1994 දී විදේශ ඇමති හැටියට තමයි ඔහු දේශපාලනය ආරම්භ කරන්නේ. 1996 සුලු කාලයකටත් නැවත 1997 දීත් ඔහු උප අගමැති හටියට කටයුතු කරල තියෙනවා. 1998 දී Thai Rak Thai පක්ෂය ඔහු පටන් ගත්තා. 2001 මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් ලබන්න ඔහුටත් ඔහුගේ පක්ෂයටත් පුලුවන් උනා. තක්ෂින් අගමැති විදියට පත් උනා. තායිලන්තයේ මෙතෙක් කාලයකට සම්පූර්ණ නිල කාලයම තනතුරේ හිටපු එකම අගමැති වරයා ඔහු තමයි. ආර්ථික, සෞඛ්‍ය, බලශක්ති, සමාජීය, විදේශ සබඳතා වගේ අංශ වල ලොකු වෙනසක් කරන්න ඔහු උත්සාහ කලා. වැඩි අවධානයක් ගත්ත ආර්ථික සා සෞඛ්‍ය ප්‍රතිපත්ති ගන විතරක් ගන මම කියන්නම්.
ආර්ථික ප්‍රතිපත්ති
ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න ඔහු ලොකු උත්සාහයක් ගත්තා. ග්‍රාමීය ක්ෂුද්‍ර ණය වැඩසටහන් පටන් අරගෙන ග්‍රාමීය සංවර්ධන අරමුදල් වලට ඍජු ප්‍රේෂ්ණ ලබාදුන්නා. අඩු පොලී කෘෂි කාර්මික ණය ලබා දුන්නා. ඒ වගේම තවත් වැදගත් ව්‍යාපෘතියක් තමා One Tambon One Product (OTOP) කියන්නෙ. Tambon කියන්නෙ උප දිස්ත්‍රික්කයකට. මේකට මුල් අදහස ලැබෙන්නේ ජපානයේ සාර්ථකව ක්‍රියාත්මක වුණු One Village One Product (OVOP) වැඩසටහනෙන්.
මේ ආර්ථික ප්‍රතිපත්ති කොච්චර දුරට සාර්ථක වුනාද කිව්වොත් ආසියානු මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තායිලන්තයට දුන්න ණය නියමිත කාලයට අවුරුදු 2 කට කලින් ගෙවන්න පුලුවන් උනා. 2001 – 2006 කාලය ඇතුලත දල ජාතික ආදායම (GDP) බාත් ට්‍රිලියන 4.9 ඉඳන් 7.1 ට වැඩි උනා. තායිලන්තයේ දුප්පත්ම පලාත ඊසානදිග තායිලන්තයේ ආදායම 46% කින් වැඩි උනා. රටේ දුප්පතුන්ගේ ප්‍රතිශතය 21.3% ඉඳන් 11.3% ට බැස්සා. මේ ආර්ථික දර්ශක වලින් කීපයක් විතරයි. අනිත් හැම එකක්ම මේ විදියටම දියුණුවක් පෙන්නුවා.
පාතාලය විසින් මෙහෙයවපු ලොතරැයි ක්‍රමය නීත්‍යානුකූල එකක් කරල එයින් ලැබෙන ආදායම තක්ෂින් යෙදෙව්වේ “එක දිස්ත්‍රික්කයකට එක ශිෂ්‍යත්වයක්” වගේ සමාජ ව්‍යාපෘති වලට.
සෞඛ්‍ය ප්‍රතිපත්ති
තක්ෂින්ගේ අවධානය දිනාගත්තු වැඩසටහන් දෙකක් තියෙනව. පලවෙනි එක වගේම වැදගත්ම එක තමා විශ්වීය සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන. මේ මගින් සෞඛ්‍ය රක්ෂණයක් නැති ජනතාවට සැලසුණු සේවය නම් කියල නිම කරන්න බහැ. මේ හේතුව නිසාම තක්ෂින්ගේ ජනප්‍රියතාවය අඩු ආදායම් ලාභීන් අතරේ බොහොම ඉහල ගියා. ඒ උනත් මේ වැඩසහටහන ගොඩක් විවේචනයට ලක් උනා. රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයෝ වැඩි පඩි සහ වඩා හොඳ රැකියා පරිසරයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ රැකියාවන්ට යොමු උනා. මෙයින් වෙච්ච එක හොඳක් නම් සෞඛ්‍ය සංචාරක කර්මාන්තය (Health Tourism) වේගයෙන් දියුණු වීමයි. 2005 වසරේදී ඉන් ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 800 ක්.
ඔහුගේ අනිත් වැඩසටහන HIV ආසාධිතයන් වෙනුවෙන්. අඩු මුදලට anti-retro-viral HIV medication ලබාදෙන්න කටයුතු යෙදුවා.



නියම පොස්ට් එක.. මටත් පෙන්නන්න බැරි වැඩක් තම්යි දේපල වාහන ගිනි තියන එක මොකා කරත්. මගේ දැණුමෙ හැටියටනම් තක්ෂින් බලයෙන් පහ කිරීම පසු පස CIA ඉන්නව.
ඊලඟ ලිපිය කියවලම බලමුකෝ….
අනේ මන්දා CIA ගැන නම් මට එච්චර දැනීමක් නෑ. ඒත් ඉතින් වෙන්නත් බැරි නෑ.
mai pen rai kup
mai pen rai krap කියන්නෙ කව්රුහරි සමාව ඉල්ලුවොත් (වැරදිලා කකුල පෑගිලා සමාවෙන්න කීම) ඒකට උත්තර විදියට නේද ? දුකින් ඉන්න කෙනෙක්ව චියර් උප් කරන්න කියනකොට krap කෑල්ල කියන්නෙ නෑ නේද ?
කෑවනෙ. හොඳම හරියෙන් ලිපිය නවත්තල.
ඇත්තටම කියවල ඉවරවුනාම දෙන්න හිතුන වොන්ඩබාර් එකක්! (ඇත්තටම හිතුනෙ නම් මූන කට සමතලා වෙන්න දෙන්න ඕනෙ කියල. හරියට නිකන් රතු කමිස කාරයෙක් වගේ…)
හා හා. ඉතුරු ටික සඳුදට. අපි වීක් එන්ඩ් වල නිවාඩු
උම හරි සහෝ, ඒත් මම නම් Red Shirtලා එක්කලා ඉන්නේ හමුදා මිල්ටරි පාලනයෙන් හික්ෂුන්ටත් ජනයාටත් කරපු කෙහෙලිකම් නිසා. මේ වගේම නොවුණත් මෙවැන්නක් අපේ රටේ වුණ නිසා මේ ස්වාභාවය අපිට තේරුම් ගන්න බැරි නෑ. ඒත් අවංකවම මම ආසම රටක් වුණ තායිලන්තයට වුණ වෙන දේවල්… (Central Worldට ඇතුළුව) ගැන ඇත්තටම කණගාටුයි.
මේ ගැටුම තිබුණත් නැතුවත් මම අවුරුදු 4ක් ඇතුලත යනවාමයි.
රතු, කහ බැරිනම් දේදුනු පාටින් ආවත් මමත් යනවා. මේ අවුරුද්දේ අන්තිම ආපහු යනවා. meditation training එකකට
එකත් එහෙමද? පට්ටනේ???
Umba kohomath dedunu paatata aasaine
pala yanna
pom poot Thai mai dai krup, niknoi poot dai krup.
කියෙව්වට මටත් බෑ ඉතින්
මටත් හිතුනා තායි කතා ටිකක් ලියන්න. තරිඳුත් ඉතිං දුකා සහ කතන්දර කියවලනේ බ්ලොග් ලියන්න පටන් ගත්තේ.
එහෙව් එකේ මං තරිඳුගෙ කතාව කියවලා වෙන Genre එකක් පටන් ගත්තට මොකෝ නේද?
අනේ ලියන්න. හැමෝම කැමති වෙයි. මගේ ගොඩක් තායි කතා ලියන්න බෑ. ලිව්වොත් මගේ රෙපියුටේසන් එක ඉවරයි. අනික සින්ඩිකේටර් වලින් එලවයි මේවට බබාලත් එනව කියල.
කඩේ ඇතුලට වෙලා ඉඳන් පොතම කියවන්න දෙනවා?? :O
කඩයක්ද, පුස්තකාලයක්ද??
කඩේ කොච්චර ලොකුද කියනවනම් ඉතින් හැංගිලා උනත් ඉන්න පුලුවන් දවසෙම කාටවත් අහු නොවී
මෙහෙත් එච්චරම තමා. සමහරු ඇවිත් පොතම කියවලා යනවා. නැත්තං සතියක් ඇතුලත refund කරනවා (පොතේ කිසිම නැමිල්ලක් ඉරිල්ලක් පැන්සල් පහරක්වත් නැති බව Scan කරලාම).
තරිදු පුතේ උබ හරි කලුයි කෙලෙක්වත් බලාවිද දන්නේ නැ
අනේ පල යන්න. මම කෙල්ලො බලපුවා, කෙල්ලො මාව බලපුව ඉතින් මෙතන කියන්න බෑ. මාව එලවයි සින්ඩි වලින්
අපො ඔය රතු කමිස කාරයොන්ට හෙන හතම වදින්න ඔනෙ.. මමත් ඔය සොපොට් එකට ගිහිල්ලා තියෙනවා.. අයීයො වෙච්ච දෙයක්!!
God save the shopping complexes
නියම පොස්ට් එක.. ඊළග ඒකත් ලියමු.
will post on monday
[...] [...]