හීරලුවෙක් වීම මට කවදාවත් ලැජ්ජාවට කාරණයක් උනේ නෑ. කොටින්ම කියතොත් කතන්දරකාරයා බොරු හීරලු කමත්, මාරයා ඇත්ත හීරලු කමත් එලි කරපු වෙලාවේ මම කියා හිටියේ හීරලු කම කාට කාට තිබ්බත් හීරලු නම මට සින්නක්කරේට අයිති බවයි. හීරලුවෙක් වීම ලැජ්ජාවට කාරණයක් බව හැම දෙනාම සලකද්දී මම ආඩම්බරයට කාරණයක් විදියට සලකන්නෙ ඇයි ?
අපේ රටේ හාමුදුරුවරු මහණ කරන්නෙ බොහෝ විට අවුරුදු 12-13 කාලයේ. මහණකම කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ ඒ පොඩි එවුන්. කට්ටියටම කවි ලියවෙන තරමට බොහොම සුන්දර කේස් එකක් තමා මේක. මම ඒ ගැන කියන්නෙ මොකද්ද කියන එක මම ඒ දවස් වලම පෝස්ට් එකක දැම්ම .
මේ විදියට මහණ වෙච්ච අය සැබෑ මහණ කම කෙසේ වෙතත්, ජීවිතේ කියන්නෙ මොකද්ද කියල ඉගන ගන්නෙත් මේ සිවුරෙම ඉඳගෙන. ලමා කාලය කියන්නෙ බොහොම වැදගත් කාලයක් අපේ ජීවිතයේ. ගහක් උනත් පොඩි කාලෙ හැදීම බාල උනොත්, නියඟෙට අහු උනොත් ඒක කොච්චර ලොකු උනා උනත් බලපාල තියෙන හැටි දැකගන්න පුලුවන්. හිතක් නැති ගහ කොලත් එහෙමනම්, හැඟීම් දැනීම තියෙන මිනිස්සුන්ට කොහොම වෙන්න ඕනෙද ?
මේ මහණ කරපු පොඩි උන්ට මුලින්ම කියන්නෙ “දැන් ගිහියෙන් නෙමේ ඒ නිසා සංවරව හැසිරෙන්න” කියල. ඊයේ තමන්ගේ දරුවත් එක්ක එකට දුවල පැනල සෙල්ලම් කරපු මේ පොඩි එකා අද මහණ උනාම අමුතුම විදියකට හැසිරෙන්න ඕනෙ කියල අපේ උපාසක අම්මලත් තීරණය කරනව. පොඩ්ඩ බැරි උනොත් ඉඳල හමාරයි. නායක හාමුදුරුවන්ගේ ටොක්කට අමතරව ගමේ රොයිටර් වල කතාවට ලක්වෙන්නත් පුලුවන් එහෙම උනොත්. ඉතින් කාලයත් එක්ක මේ අය පුරුදු වෙනවා දෙබිඩි ජීවිතයකට. දායකයෝ ඉස්සරහ එක විදියකටත් නැති තැන වෙන විදියකටත් හැසිරෙන්න. මේක මේ අනුවර්තනය වීමක්, පැවැත්ම ගැන ප්‍රශ්නයක්.
මොනා උනත් හොරෙන් හොරෙන් උනත් කරන්න පුලුවන් දේවල් වල සීමාවක් තියෙනව. තමන්ගේ සම වයසේ ලමයින්ට තියෙන දේවල් තමන්ට නැති එක ගැන මේ අයට ඇතිවෙන දුක, වේදනාව කාටවත් පේන්නෙ නෑ. බුද්ධාගම රැකගන්න දඟලන “බුද්ධාගම්කාරයන්ට” මේව පෙනුනත් පේන්නෙ නෑ වගේ ඉන්නව. මොකද ඒ අයට ඕනෙ. පන්සල් පුරව ගන්න. මේ අයට තියෙන කරදර ඒ අයට අදාල නෑ. මොකෝ කියනවනම් ඒ අයගේ අරමුණ ලෝකෙට පේන්න, පෙන්නන්න, වාර්තාවල ලොකු ඉලක්කම් වලින් පේන්න හාමුදුරුවරු ඉඳීම විතරයි.
ඉලන්දාරි වයසට එනකොට තත්වය හොඳටම බරපතල වෙනව. ඉලන්දාරි කියන්නෙ ඉල්ලන් + දැරි කියන එක. ඒ කියන්නෙ ලිංගික හැඟීම් පටන් ගන්න, උච්ච වෙන කාලය. ඉතින් මේ කාලෙට දහම් පාසලේ ගෑණු ලමයින්ට එහෙම බැල්ම වැටෙන එක නතර කරන්න බැරි ඒ අය ඉතින් රහත් වෙලා නැති නිසා. මේ අය තමන්ගේ ලිංගික අවශ්‍යතා පිරිමහගන්න හැටි ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
කවුරු හරි හාමුදුරු කෙනෙක්ට තේරුනොත් මට මේක කරන්න බෑ මට මේක ගැලපෙන්නෙ නෑ කියල ඒ කෙනා සිවුරු අරින්නේ නැතුව තවදුරටත් මේ රැවටීම කරනවානම්, ඒ ඒක්කෝ සමාජයට බයේ එහෙම නැත්නම් ලාභ ප්‍රයෝජන වලට කෑදරකමේ. කවුරු හරි කෙනෙක් සමාජයේ රැවුම් ගෙරවුම් නින්දා අපහාස වලට බය නොවී උපවැදි වෙනවානම් ඒ කෙනා අනිවාර්යයෙන්ම වීරයෙක්.
මම මහණ වෙලා හිටපු කාලයේ මම තායිලන්තයේ වගේම සිංගප්පූරුවේ ජීවත් වෙලා තියෙනව. සිංගප්පූරුවේ ගිය අය එහෙම දන්නව ඇති එහේ තියෙන්නෙ අමුතු පිරිත් නූල්. ඒව හරියට අපේ ෆ්රෙන්ඩ්ෂිප් බෑන්ඩ් වගේ. පන්සලට එන උපාසක උපාසිකාවන්ට ඔය මොඩ් පිරිත් නූලක් බැඳල ගාථාවක් එහෙම කිව්වම පොඩි ලස්සන රතු කවරෙකට දාල සිංගප්පූරු ඩොලර් 20-30 විතර හම්බ වෙනව. (SG$ 1= 70 Rs) ඊට අමතරව දානෙකට පිරිතකට ගියාම හම්බවෙන ගාන මේ වගේ 10-15 ගුණයක්. පිණ්ඩපාතේ ගියාමත් ඒ වගේ තමා. සල්ලි දෙනව. මම සිංගප්පූරුවේ හිටියේ කෙටි කාලයක් නිසා මට මහ ලොකු සල්ලි ප්‍රමාණයක් “හම්බ කරගන්න” ලැබුනේ නෑ.
තායිලන්තෙත් මේ වගේම තමා. එහෙදී මට තිබ්බ වාසිය තමා මම ලංකාවෙන් වීම. ලංකාවේ අය තායි හමුදුරුවරු හරි සිල්වත් හිතන්නා වගේම තායි මිනිස්සු හිතන්නෙ ලංකාවේ අය හරි සිල්වත් කියල. පිණ්ඩපාතේ වඩිනකොට වැඩිම සැලකිලි මට. තායිලන්තේ පිණ්ඩපාතේ එක්ක සල්ලි ලැබෙන එක අනිවාර්ය දෙයක්. බාත් 50-100 අතර ගාණක් සාමාන්‍යයෙන් ලැබෙනවා. ඊට අමතරව දාන, බණ, පාංශකූල වලටත් සල්ලි ලැබෙනව.
මම පස්සේ තායිලන්තයේ එක්තරා ප්‍රසිද්ධ විදේශිකයන්ට බුද්ධාගම, භාවනා උගන්නන මධ්‍යස්ථානයකට ගියා භාවනා ඉගන ගන්න කියල. බොහොම දක්ෂ හාමුදුරුවරු කීප දෙනෙක් යටතේ ඉගන ගන්න මට අවස්ථාව ලැබුණ. මගේ එතන ගත කරන්න හිතා ගත්තු කාලය ඉවරවෙලා එන්න හදනකොට මට ආරාධනාවක් ලැබුණා විදේශිකයන්ට (සුද්දන්ට) මූලික බුදුදහම උගන්නන්න කියල. තායිලන්තයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ඉංග්‍රීසි දන්න කට්ටිය අඩුවීම්. දන්න අය අතරෙත් හරියට උච්චාරණය කරන්න පුලුවන් කට්ටිය අඩුයි. අපේ ලංකාවේ අයට නම් ඒ ප්‍රශ්නේ නෑනෙ. අපිට හරියට ඒ වචන උච්චාරණය කරන්න පුලුවන්. අනික මට ඉංග්‍රිසියෙන් උගන්නල, බණ කියල පුරුදුයි. ඒ උනත් ඒ වෙනකොට මම ලංකාවට එන්න කටයුතු සූදානම් කරගෙන හිටපු නිසා මම ඒක ප්‍රතික්ෂේප කලා. ඒ තනතුර මම භාර ගත්තානම් මට බාත් 20000 ක විතර පඩියක් හම්බ වෙනවා. (baht 1 = 3.50 Rs )
මේ සල්ලි ගැන මම කිව්වේ මම අතඇරියේ මොකද්ද කියල කියන්න ඕනේ නිසා. මේ දවස් වල සමහරු කියන විදියට මම මිෂනාරීන්ගෙන් සල්ලි අරන් බුද්ධාගම විනාශ කිරීමේ කොන්ත්‍රාත් එක අරගන්න ඕනෙ නෑ. මට සල්ලි වලට ආසාවක් තිබ්බ නම් කිසි කරදරයක් නැතුව ඒව හම්බ කරගන්න මට තිබ්බ. මම පෝසතෙක් නෙමෙයි. අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. ඒත් කන්න නැතුව හාමතේ වැටුණත්, ඔය පින්වත් ස්වාමීන් වහන්සේලා වගේ බුද්ධාගම විකුණන් කෑමේ ඕන කමක් මට නෑ. සිවුරු ඇරීම නිසා ලෞකිකව මට උනේ වාසියක් නෙමේ පාඩුවක්. ඒ මදිවට සමාජයෙන් ලැබෙන නින්දා. පාරේ යනකොට හීරලුවා කියල කෑගහපුවා.
අද මට ඒ එකක් ගැනවත් කනගාටුවක් නෑ. මොකද මම උත්තර දෙන්න ඕනෙ මට විතරයි. මම දන්නවා මම සිවුරු ඇරීමෙන් කලේ හරි දෙයක් කියල. මම සිවුරු ඇරීම මෝඩකමක්, ඒකේ කියවන්න දෙයක් නෑ, වීරකමක් නෙමේ, මම හිස් මිනිහෙක් කියන අඳ බාලයන්ට මට කියන්න තියෙන්නේ, මට නම් මම වීරයෙක්.
මහණකමේ මම ගත්තු දේ නොගත්තු දේ ගැන තීන්දු දෙන්නෙ දවසක්වත් මහණ වෙලා නොහිටපු අය වීම ලොකු විහිලුවක්. ඒක හරියට මාලුවෙක් කුරුල්ලෙක්ගේ පියෑඹීම ගැන උපදෙස් දුන්න වගේ. මම මහණකමෙන් ගත්තු දේ මට තියෙයි හැමදාටම. බුද්ධ දර්ශනය කියන්නෙ ගැඹුරු දෙයක් මේක තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් තියෙනවනම් විතරයි. ඒ බව මේ ටිකේ සෝමාවතියේ සිද්ධ වුණු දේ ගැන වෙච්ච කතා ටිකෙන් හැමෝටම තේරෙන්න ඇති.
අවසාන වශයෙන් මේටිකත් කියන්නම්. බුද්ධාගම කියන්නෙ මේ වගේ අඳ බාලයන්ගේ තුට්ටු දෙකේ මැජික් නම්, ඒ බුද්ධාගම විනාශ කරන එක මම මගේ යුතුකමක් හැටියට මෙයින් ඉදිරියට සලකනවා.
මහන වෙලා හිටපු කාලෙ ඔයා ලබාගත්ත අත්දැකීම් අපට හොඳට තේරුම් ගන්න පුලුවන් ඔයාගෙ ලිපි කියෙව්වම. ඒ නිසා සමාජයෙන් එන අපහාස වලට සැලෙන්නේ නැතිව ඉදිරියට යමු.
ප.ලි. හැබැයි දිනපොත නවත්තපු එකට සමාවක් දෙන්න බෑ.
@Praසන්ன
ස්තූතියි යාලුවා. දිනපොතත් ලියන්නම්කෝ.
මලේ මම නම් කරන්න කැමතිම නැති දෙයක් තමයි උත්තර බැඳීම..
මම කාටවත් ඇයි මම සිවුරු ඇරියේ කියන කාරණාවට උත්තර බඳින්න යන්නේ නෑ..
ඒ ප්‍රශ්නය අහන්න සුදුසු උඹ වගේ කෙනෙකුට විතරයි.
එහෙම නැතිව ඉඳලා හිටලා පන්සල් යන,හාමුදුරුවරු අමුතුම සත්තු ටිකක් කියලා හිතාන ඉන්න අයට උත්තර කියන්න මම බැඳිලා නැහැ.
මම දන්නේ නැහැ පහුගිය ටිකේ උඹට මොකද උනේ කියලා..
ඒත් අග මුල තේරුම් ගන්න බැරි..යන්තම් බණ පොත් දෙකතුනක් කට පාඩම් කර ගත් පමණින් පණ්ඩිත වෙස් ගන්න හදන බොරු උපාසකලට උත්තර බදින්න නොයා ඔහොම ඉදින්..
උඹෙ ලිපිය ඉස්තරම්..
@ මාරයා
ස්තූතියි අයියේ. ඇත්තටම උත්තර බැඳීමක්ම නෙමේ.. මේක කියවන කව්රුහරි හාමුදුරු කෙනෙක් සිවුර ඇරීම කියන්නෙ ලැජ්ජාවට පත්වෙන්න කාරණාවක් නෙමේ කියල තේරුම් ගත්තොත් මට ඒ ඇති
කාලෙකට පස්සෙ ඔයාගෙ ලිපියක් කියවන්න ලැබුනෙ.
පැවිදි සමාජය ගැන වෙනත් අය කතා කරන්න පැකිලෙන් දේවල් උනත් මෙහෙම විවෘතව කතා කරන එක ගැන බොහොම සතුටුයි.
මේව ගැන දැනගන්න අපට ඉන්නෙ ඉතින් ඔයයි මාරයියයි විතරයිනෙ.
මම මහණ වෙලා නොහොටියත් අවුරුදු 4ක විතර කාලයක් ගමේ පන්සලත් එක්ක බොහොම කිට්ටු ඇසුරක් තිබුන. මම මහණ වෙන්න හදයි කියල ගෙදර අය බය වෙන අතරමටම.
ඉතින් පොඩි හාමුදුවරු ජීවත් වෙන ලෝක දෙක ගැන තරමක් දුරට වැටැහීමක් තියෙන්ව.
මේ වගේ සමාජයෙ සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන පැති ගැන තව දුරටත් ලියන්න.
කියවන්නයි අදහස් දක්වන්නයි අපි ඉන්නව.
ස්තුතියි. මම අනිවාර්යෙන් දිගටම ලියනව
“බුද්ධාගම කියන්නෙ මේ වගේ අඳ බාලයන්ගේ තුට්ටු දෙකේ මැජික් නම්, ඒ බුද්ධාගම විනාශ කරන එක මම මගේ යුතුකමක් හැටියට මෙයින් ඉදිරියට සලකනවා.”
හරියට හරි..! ඔයාගෙ කතාවට සියේට දෙසීයක් එකඟයි…
ස්තූතියි සචී සහෝදරී.. මුල ඉඳන්ම මම කියන්නෙ මොකද්ද කියල සහෝදරීට තේරුනා.
අප බොහෝ විට රැකියාවකට අයැදුම් කරන්නෙ විශ්‍රාම යනතුරු එතැන සේවය කරන්න බලාගෙනයි. කෙටි කාලීන අරමුණු ඇතිව රැකියාවකට අයැදුම් කරන්නෙ කලාතුරෙකින්. නමුත් විවිධ හේතූන් නිසා අප යම් කාලයක් එකතැනෙක සේවය කිරීමෙන් පසු එතැනින් ඉවත් වෙනවා. අප මුලදී බලාපොරොත්තු වූ අරමුණු ඉටු නොවීම වගේම ඊට වඩා හොඳ වෙනත් අවස්ථාවන් ලැබීමත් මීට හේතු විය හැකියි. මහණකමත් ඒ වගේ. අපට හිතට එකඟව තවත් එතැන සිටිය නොහැකි නම් (කවර හෝ හේතුවක් නිසා) ඉන් ඉවත් වීම අවංක ක්‍රියා මාර්ගයක්. එය කිසිවකු ගැටළුවක් කර ගත යුතු නැහැ.
මේක ගැටලුවක් වෙන්නෙ කවදාවත් රස්සවක් නොකර අනුන්ගෙන් යැපෙන උන්ටනේ
Thumbs up mate…
thanks buddy
මැක්සා සහෝදරයා.. හැබැයි දැන් මේකට මැක්සා කිව්වා කියල උඹට සල්ලි දෙන මිෂනාරි කණ්ඩායමේ තැරැව්කරුවා මම වෙයි ද දන්නේ නැහැ
කොහොම වුනත් මැජික් කියන දේ අවශ්‍ය වෙන්නේ තමන්ට තමන්ගෙ අගයක් වටිනාකමක් නැති වුනාම. තමන් තීරණ ගන්නවා වෙනුවට අනුන්ට තීරණ ගැනීම පැටෙව්වාම.. කොටින්ම මේ අමුතු ආගමික ත්‍රිල් එක මේ දවස් වල විකාර දේශපාලනික මානසිකත්වයට 100%ක්ම එකඟයි. මේ රජය පවතින්නෙත් මේ වගේ ආගමික ත්‍රිල් එක්ක දේශප්‍රේමය නංවල නිසා මේවා ගැන දැනුවත් කිරීමක් රාජ්‍ය මට්ටමින් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැහැ.. ITN එකෙත් සෝමාවතියෙන් බුදු රැස් විහිදෙනව කියල කිව්වෙ ඒකනෙ.
හාමුදුරුවො පස්සෙ දුවන එක අපේ “මාර ආගමික සැදැහැවත් බවුද්ද” තරුණ අයට දැන් රැල්ලක් වෙලා.. ඒක වෙන්නේ සමාජයෙන් එල්ල වෙන පීඩාව දරා ගන්න බැරි වුනාම වෙනත් විසඳුම් හොයන්න ගිහින්. වෙලඳපොල සමාජය ඇතුලේ මේ අයත් segment වෙනවා වෙනම නිෂ් එකක් විදියට. හාමුදුරුගොල්ල මේ අයට සැපයුමක් දෙනවා.. ඉතින් කිසිම දෙයක් out of place නැහැ දැනට. බලමු ඉස්සරහට.
අගේ ඇති පැහැදිලි කිරීම. ස්තූතියි
මටනම් කියන්න තියෙන්නේ තරිදු නිතරම තමන් සිවුරු ඇරිය කාරනේ සාදාරනීකරනය කරන්න දගලනවා…. ඒකට හේතුවනම් මේක තරිදු තුලම (වීර කමක් සේ උපුටා දැක්වීමට උත්සාහ ගත්තත්) ඇති හීනමානය වසාගැනීමට දරන උත්සාහයක්.
@නිර්නාමිකයා
ඇත්තම කිව්වොත් මට තියෙන්නෙ ඕනෙ හීන මානයක් නෙමේ අධිමානයක්. අද මිනිස්සු හරි සිල්වත් කියල වැඳුම් පිදුම් කරන පින්වත් ස්වාමීන් වහන්සේලා වගේම සාධුලාගේත් සිල් ගැන මම පෞද්ගලිකව දන්න නිසා, මම මහණ කාලේ මගේ සීලය ඒ අයට වඩා හොඳ බව දන්න නිසාත් මට මම ගැන ආඩම්බරයි. ඒ වගේම ඒ අය පස්සෙ යන අය ගැන තියෙන්නෙ අනුකම්පාවක්.
අයියෝ මේ යකා කරගෙන තියෙන අපරාදෙකම් මහත. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු අයිය කෙනෙක් බනක් කියන්න කීයක් ගන්නවද?, එතකොට උපාසිකා මාතාවෝ කී දෙනෙක් එක්ක යහන් ගත වෙනවද? රැට හොඳ බයිට් එකකුත් එක්ක ඩ්‍රින්ක් එකක් දාලා සැතපෙනවද?…… තව කොච්චර සැපද?…
මාරය මොනව කිව්වත්, මේ ආත්මෙම අපවත් වෙන්නත් ඉස්සෙල්ල නිවන් දකින්න බැරි වෙච්ච එකට දුකට කියන කවි මේවා…
හෙහ් හෙහ් (ආයෙත් මහණ කෙනෙක් වෙන්නකෝ)
හැබැයි ඉඳිකට්ට ඇනගන්නෙ නැතුව
ඉදිකට්ට ඇනෙන්නේ, ඇයි අතේ ද මහන්නේ?
හපෝයි කසූ ඒ කතාව එහෙම ලියන එපා. හොඳටම අසභ්‍යයි
)
හා හා හා
මම මේ ඉඳි කට්ට දැන් අනිත් උන්ගේ ඇණ්ගේ අනිනව. ඒකනෙ රිදිල මං ගැන බ්ලොග් පෝස්ට් පවා ලියන්නෙ
උඹ අපිටත් බණ කියාගෙන, පහුගිය කාලේ හොදට හිටියානේ..
ලෝකේ කවුරු මොනවා කිව්වාත්, තමුන්ට තමුන් කරපු කියපු දේ ගැන විස්වාස නම් එච්චරයි.
තනියම ඉපදුනා නම්, තනියම මැරෙනවා නම්, තමුන් හම්බ කරගත්තු දෙයින් කාලා ඇදලා ජීවත් වෙනවා නම්, ලෝකේ අනිත් මිනිස්සුන්ට අපි කරන කියන දේ ගැන ඇති ගාය මොකද්ද?
ඔය සමහර මෝඩ චූන් ප්‍රශ්න වලට, උඹ මේ උත්තර බදින්නේ අහවල් මඟුලකටද?
හිටපු විදියටම හිටපං මලයා….
ඇත්තටම උත්තරම නෙමේ අයියේ අනිත් අයටත් දැන ගන්න සිවුරු ඇරීම ලැජ්ජාවට කාරණයක් නෙමේ කියල
මං නම් කියන්නේ මහණ වෙලා ඒ විදිහට ආගමට දහමට අණුකූලව ඉන්න බැරිනම් සිවුරේ ඉදන් පව් නොකර ඉන් ඈත් වෙන එක බොහොම හොදයි…අනිත් එක මිනිසුන්ට කිසිම අයිතියකුත් නෑ එහෙම උනු කෙනෙක්ව පහත් කරලා කතාකරන්න.හැබැයි ඉතින් මං නම් අනුමත කරන්නෑ සිවුරෙ ඉදන්ම ගැනූ ලමයි එක්ක සම්බන්ද කම් ඇති කරගෙන ඊට පස්සෙ දායකයන්ටත් අහු වෙලා ගෑනූ ලමයත් අම්මා කෙනෙක් වෙන්න කිට්ටු වෙලා සිවුර අරිනවට.මොන විදිහ වෙතත් සිවුර අරිනකම්වත් හැගිම්වල පාලනයක් තියාගෙන ඉන්න ඕනා…කියලයි මං හිතන්නේ.
අම්මෝ මිනිස්සු මාව කන්න හදයිද දන්නෑ මේක කියලා.ඒත් හිතේ තියෙන දේ නොකියා ඉදලත් බෑ….මං නම් කැමතියි දෙමාපියන්ගේ කැමැත්තෙන් පොඩි ඇත්තන්ව මහණ කරන්නැතුව ඒ ඇත්තො ටිකක් යමක් කමක් තේරෙන වයසට ආවාම මහණ වෙනවද නැද්ද කියණ එක ඒ ගොල්ලන්ටම කල්පණා කරලා තීරණයක් ගන්න දෙනවනම්මෙතකොට මේ සිවුරු අරින අය උනත් මීට වඩා අඩුවෙයි කියලා හිතනවා…
සහෝදරී වගේ හිතන අය තව ඉනවනම් ප්‍රශ්න ලේසියෙන් විසඳ ගන්න පුලුවන්
(වෙච්ච දේ දන්නෙ නැති උනත්),
මාරයිය කියනව වගේ ඇයි ඔයා හේතු සාධක ඉදිරිපත් කරන්නෙ. ඒ ගැන ප්‍රශ්න කරන්න නම් ඒ සඳහා සුදුසු කෙනෙක් වෙන්න ඕනෙ. අඩුමගානෙ පංසිල් වත් රකින්නෙ නැති ඊනියා ‘උපාසකයො’ අහන ප්‍රශ්න වලට සද්ද නැතිව ඉන්න. සුදුසු කෙනෙක් ඇහුවනම් ඉතින් උත්තර දෙන එක තමා යුතුකම.
හාමුදුරුවන්ගෙ සීලෙ ගැන ටික දවසකට කලින් ආපු කතාවටත් එක්ක මගේ අදහසුත් දාල මාත් පොස්ට් එකක් ලියන්න ඉන්නෙ.
ස්තූතියි. අනිවාර්යෙන් ලියන්න. මේ ගැන කතිකාවක් ඇති වෙන්න ඕනෙ
RESPECT>.!
thanks milk uncle
අනිකුත් සමහර ක්‍රිස්තියානි ආගම් සේ කතෝලික සභාවේ පූජකවරුන්ටත් විවාහ වන්නට ඉඩක් ලැබෙයි ද? මහායාන බුද්ධාගමේ බුදු දහම කියා දෙන සමහර ආගමික නායකයෝ සේ විවාහ වන්නට අපේ ස්වාමීන්වහන්සේලාටත් අවස්ථාවක් පෑදෙයි ද? ක්‍රිස්තියානි, යුදෙවි හා ඉන්දීය ආගමික නායිකාවෝ සේ සංඝයාට වඩා පහතින් නොසිට එක හා සමාන සැලකිල්ල ලබමින් කාන්තාවට බුදු බණ කියන්නට අවස්ථාවක් පෑදෙයි ද? හීරලුවා (ගෞරවයෙන් අමතමි) කලින් පෝස්ට් එකක සටහන් කළා සේ වෙනසට භාජනය වී ඇති ලෝකයක ධර්ම සංගායනාවක අවශ්‍යතාවය මනාව පෙනේ. එවැන්නක් සංඝයා වෙතින් ඇරඹෙන්නේ නැත්නම් ගිහියන් විසින් ඇරඹිය යුතු ද? මා ආශ්‍රය කරනා හීරලුවෝ බොහොමයකි. කැළණිය විශ්ව විද්‍යාලයේ දී සිවුර හැඳ සිටියත් දෙබිඩි ජීවිතයට අකමැති නිසාම ඔවුන් හීරලුවෝ වූහ. සිවුරේ ඉන්නා බොහෝ අයට වඩා ධාර්මික, බුද්ධිමත් හා ධර්මය දන්නා මොවුන් විවාහ ජීවිත ගත කළ ද ධර්මය ගැන දැනුම බෙදා දීමට ඉඩක් නොලැබෙන්නේ සිවුර හැරීමේ වැරැද්ද නිසා පමණි. ධර්මය දන්නේ නම් එය කියා දෙන්නට සිවුරක් පොරවා ගන්නට අවශ්‍යය ද? සංඝයා කොටු වී හිර වී සිටින සංස්ථාවෙන් ඔවුන් විමුක්තිය ලැබිය යුතු ද?
අරුණි සහෝදරී මේ ගැන ලිපියක් ලියුවොත් මොකද ? මට අත්දැකීම් තිබ්බට ඔබට වගේ ලියන්න බෑනෙ. හිතල බලන්න අදහසක්.
තරිඳු, ඔයා ලියන ශෛලිය හොඳ ඉහළයි. මාතෘකා කාලීනයි. අපි ආසාවෙන් කියවන්න එන්නෙ ඒ නිසාමනේ.මඩ ගහන කලාවෙන් ඈත් වෙලා, සල්ලි වලට යටවෙලා කතා කරන අයට එකතු නොවී නිදහස් අදහස් ප්‍රකාශයට බ්ලොග් අවකාශයේ ඇති ඉඩ නොසලකා ඉඳීමත් වැරදි කරන අය අනුමතයක් නිසා පටන් ගනිමු ඇත්ත ඇති සැටියෙන් කියන්න. බුද්ධිමතුන් වටහා ගනිවී ඇත්ත නැත්ත දෙකේ වෙනස.
තරිඳු, ඔයාගේ මේ ලිපිය ඇතුළේ මහණකම ගැන වැදගත් ගොඩාක් කරුණු දක්වලා තියෙනවා. මනුස්සයෙකුගේ වැරැද්දකට බනිනනවා වෙනුවට ඇයි ඒ මනුස්සයා අතින් ඒක වෙන්නෙ කියන ප්රශ්නය ඔයා විස්තර කරල තියෙනවා. ඒ වගේම ළමයෙක් ලෙස මහන වෙලා තවදුරටත් වැඩෙනකොට ස්වභාවිකව වෙන ශාරීරික වෙනස්වීම් ඉදිරියෙ දෙබිඩි චරිතයක් රඟපාන්න සිද්ධවෙන එක ගැනත් ඔයා විස්තර කරල තියෙනවා.
මේ ප්රශ්නය තේරුම් ගත්ත ඔයා වගේ අය ඒ මහනකම දාල යනවා. ඒත් එතනදි වෙන්නේ අදාල පුද්ගලයා පුද්ගලිකව මුහුන දුන් ප්රශ්නය අවසන් වීම මිස අදාල සංස්ථාව තුල පවත්නා පොදු ප්රශ්නය අවසන් වීම නෙවෙයි. පොදු ප්රශ්නය අවසන් වීමට නම් සද්භාවයෙන් යුක්තව කෙරෙන ගැඹුරු සංවාදයක් අවශ්යයි. ඒ සංවාදය භික්ෂූන් අතරින් එන්න විදියක් නෑ. ඒ අදාල ආයතන ක්රමය තුළින්ම මතු විය හැකි ප්රශ්න නිසා සහ ඔයාට පහර දුන් අය නියෝජනය කරන බලවේගයන් ගේ අනුකම්පා විරහිත පහරදීම් වලට ඇති බිය නිසා. ඔයාට එන් ජී ඕ එකකින් මුදල් ගත් ඒජන්තයෙක් ය කියන එක ගණන් නොගෙන ඔයා ඉන්න සමාජයේ ජීවත්වෙන්න පුළුවං. ඒත් මම හිතන්නේ නෑ භික්ෂුවකට ඔවැනි කාරනයක් ගැන කතා කිරීම නිසා එවැනි චෝදනාවක් අහන්න වුනොත් ඔහුට මේ සමාජයෙ ඉන්න පුළුවන් කියල. අනෙක් අතට අපේ සමාජයේ යමක් හේතුවාදී ලෙස ප්රශ්න කරන්න හෝ සංවාද කරන්න බැරි ප්රශ්නයකුත් තියෙනවා. නමුත් ඔයාල වගේ අලුත් පරම්පරාවේ අය බයනැතිව ඉදිරිපත් වෙනවා දැක්කම සතුටුයි.
ඔයා කියල තිබුණා දෙබිඩි චරිත බිහිවන ආකාරය.
අපි හැමෝම දන්නවා පොඩි දරුවන්වයි මහණ කරන්නේ කියල. ඒ දරුවො ක්රමයෙන් ද්විතීය ලිංගික තත්වයට පත්වීම දැළිරැවුල් වැඩීමෙන් කටහඬ වෙනස්වීමෙන් පෙන්නුම් කරනවා. ඒක පිට ඉදල බලන අපි හැමෝටම පේනවා. එහෙමනම් ඔවුන්ට ලිංගික උවමනාවන් ස්වභාවිකව ඇතිවෙනවා කිව්වහම මෙතරම් කලබල වෙන්නේ ඇයි?
මේ ප්රශ්නයට ප්රධාන හේතුව ජීවිත මොකක්ද කියාවත් නොදන්නා දරුවන් මහණකිරීමයි කියන කාරනයට මම සම්පූර්ණයෙන්ම එකඟයි.
මගේ බ්ලොග් එකේ මුල ඉඳලම ලිව්වා අලුත් අදහසක් කෙනෙක් අරගෙන ආවොත් එයාට පහර දෙන්න කලින්ම හදපු “නිෂ්චිත කලු අර්ථ” සහිත වචන තිබෙන බව. ඒ වචනයක් දමා පහර දී ලේබල් ඇලෙව්වාම ඒ අලුත් අදහස රැගෙන එන්නා සදහටම අහෝසි කරන්න පුළුවන් කියලා ඒ අය හිතනවා. ඔයාට පහර දී ඇත්තෙත් ඒ ආකාරයටමයි.
බුදුදහමේ නාමයෙන් වෛරයේ ක්රෝදයේ පණිවිඩය ගෙනියන්න නොයෙක් අකාරයෙන් හවුල් වන මේ අය බෞද්ධසමාජයේ පවතින ඇත්ත ප්රශ්නයක් සද්භාවයෙන් යුක්තවකතා කරන එක හඳුන්වන්නේ සාසනය විනාස කිරීමක් හැටියට. ඇත්ත නම් මොවුනුයි බුදුසසුනේ ඇත්ත හතුරෝ.
නොසැලී ඉදිරියට යන්න. ඔයත් එක්ක අපි ඉන්නවා.
බොහොම ස්තූතියි සහෝදරයා. ඔබේ වචන මට ලොකු ශක්තියක්.
මාරයගෙ උත්තර බැඳිල්ල කතාවට මම එකපයින් එකඟයි. සමහරක් වෙලාවට හරි දේ පැහැදිලි කරන්න අමාරුයි. කාලාන්තරයක් තිස්සෙ පැවතුණ දෙයක් ඒ විධියට පවතින්නෙ ඒක තුල ඒක පවත්වගන්න පුළුවන් කුමවේද තියෙන නිසයි. ඒව වෙනස් කරන්න පුළුවන් සීමාවල් අඳුනගත්තම හරි. නැත්තං තමන්ගෙ ඔළුවෙන් නොහිත කොහෙවත් නැති පොත්වලිනුයි ගුරුන්ගෙනුයි උගන්වපු ඒව කියව කියව තමන් දන්නවයි කියල හිතන අයට උත්තර බඳින්නම කාලෙ හරි. ජීවිතේ කෙටි කාලයයි. සමහර විට අපට උදව් කරන්න පුළුවන් වෙන්නෙ ඇත්තටම ඉල්ලන අයට විතරයි.
ඇත්ත. කාලය කෙටියි. කරන්න දේ බොහොමයි. සහෝදරයා මගෙන් අහපු ප්‍රශ්නයටත් මට තාම උත්තරයක් දෙන්න බැරි උනා. අපි ඒ ප්‍රශ්නයෙන් ෆෝරම් එක පටන් ගමුද ?
කිසිම අවුලක් නෑ. තියෙන පුංචි පුංචි ප්‍රශ්න විසඳගන්නකොට ලොකු ප්‍රශ්ණ ඉබේම විසඳෙනවානේ. ඉක්මනට ඕක පටන්ගන්නකෝ. මමත් අර කියපු වර්ගයේ උදව් වලට ලෑස්තියි
[...] This post was mentioned on Twitter by Tharindu Roshantha, Royly. Royly said: හීරලුවා වීරයා – වලි අදින්න සූරයා http://bit.ly/917hzm [...]
යම් චින්තන වෙනසක් විය යුතු කාලයක් මේක. ඔබේ වෑයමට මාගේ ආචාරය.
ස්තූතියි
අවුල තියෙන්නේ අපේ කස්ටිය සිවුරෙ ඉන්න කස්ටිය සේරම “පින්වත් ස්‍වාමීන්වහන්සේලා” කිය කියා ඔළුව උඩ තියං ඉන්න එක නේ. ඉතිං ඒ වගේ “පින්වත් ස්‍වාමීන්වහන්සේලා”ට විරුද්ධව සිවුර අතෑරපු උඹ පවු කාරයෙක් නේන්නං.
උඹ පැහැදිළිවම බුද්දාගං ද්‍රෝහියෙක්. නියම බෞද්ධයෙක් වෙන්න බුද්දාගමට ද්‍රෝහි වෙන්න වීම ගැන පසු තැවෙන්න දෙයක් නෑ! මොකද බුද්දාගංකාරයෙක් වීමත් බෞද්ධයෙක් වීමත් අහසයි පොළවයි වගේ නිසා. ක්‍රිස්තියානිකාරයෙක් හොඳ බෞද්ධයෙක් උනත්, බුද්දාගංකාරයෙකුට කවදාවත් බෞද්ධයෙක් වෙන්න පුළුවං වෙන එකක් නෑ!
එල කියමන
දාන්ඩ පහක්.. ඔය ලොකුවට කටින් බතල හිටවන ඈයන්ට කියන්න ඕන ටික ලස්සනට කියලා තියනවා. මහණ වෙලා ඉන්න එකේ රග දන්නෙ වෙලා හිටපු කෙනෙක් විතරනෙ. අනික ඔයා ගන්න තීරණයෙ සාධාරණකම එක එකාට ඔප්පු කරන්න කිසිම උවමනාවක් නෑ. තමන් කියන කරන දෙයක් හිතට එකගව කරනව නම් එච්චරයි කියලයි මගේ නම් හැගීම.
ස්තූතියි ඇන්ත්රක්ස්.
සමහර වෙලාවට තරිදු ඔයාගෙ බ්ලොග් එකට එන්න බැහැ..
අපෙ පංසලෙ ත් ගොඩක් තරුණ හමුදුරුවරු සිවුර හැරියා. ගොඩක් මිනිස්සු ලොකු හාම්මුදුරුවන්ටත් , එ හාමුදුරුවරුන්ටත් බැන්නා.. මමත් සිද්දිය දැන් අවුරුදු ගණනාවක් තිස්සෙ බලාගෙන ඉන්නෙ.. මමත් මෙ ගැන ලියන්න ඔනා දවසක.. වැඩිහිටි ගිහි දායකයින්ගෙ යුතුකම් පැහැර හැරලා, ගිහියො තමුන්ගෙ දරුවන්ට උගන්වන්නෙ නැහැ මොකද්ද අපිට තියන දෙ කියලා. තරුන ගැහැනු , පිරිමිලමයි පන්සලට එන්නෙ ඇයි ගොඩක් වෙලාවට… ගිහිගෙයි ඇතුලෙ තියන පාට ලොසින්ජර්, ටොපි වගෙ දෙවල් ගොඩක් වෙලාවට පුංචි හාමුදුරු ගොල්ලන්ට නිරාවරනය වෙන්නෙ ඔන්න ඔය වගෙ තත්ව වලදි. බුදුහාමුදුරුවන්ගෙ ධර්මය කොටස් කරලා උගන්වලා විභාග වලට. තරිදුටවත් , මහන කම අතහැරපු කිසිම කෙනෙකුට දොසක් කියන්න බැහැ.ගිහි තරුණ ,තරුණියන්ගෙ හැසිරිම මීට වඩ යහපත් වෙන්න ඔනා පංසලෙදි, බුදුහාමුදුරුවො බොහොම නිදහස දීපු කෙනෙක් මම දන්න විදියට, කෙනෙක් තමන්ගෙ ජිවිතය සසුන වෙනුවෙන් කැප කරානම් එකට අනිත් මිනිස්සු උදව් කරන්න ඔනා.. පංසලෙ ජිවත් වෙන පුංචි හාමුදුරුවරුන්ව ආශාවන්ට නැඹුරුවන ආකාරයෙ සීදුවීම් ඇතිකරන එක නෙමෙයි. තරිදු මෙකයි ප්‍රශ්නෙ… ගොඩක් දෙමව්පියො හිතන් ඉන්නෙ අද, ලමයව පංසලට, පාසලට යවපුහාම උන් ගුණ ධර්ම ඉගෙන ගෙන යහපත් මිනිස්සු වෙයි කියලා. ගොඩක් උන් පිස්සු නට නට බුදුහාමුදුරුවන්ට මාසෙකට සැරයක් බුද්ධ පුජාව තියලා නිවන් යන්න බලාන ඉන්න උන්. උන් දන්නෙ නැහැ උන්ගෙ දරුවො යන්නෙ උන් ගිය, යන අඩිපාරෙ කියලා…. පංසල් වල ඉන්න තරුන හාමුදුරුවරු සිවුර අතහැරිම පිළිබද මම කෙලින්ම ඇගිල්ල දිග් කරන්නෙ දායකයින්ටයි, හැබැයි දායකයො කියන්නෙ කලින් හිටපු ලොකු හාමුදුරුවන්ගෙ ගොලයො.. දැන් මෙ ගැටෙ කොහොමද ලෙහන්නෙ..
බොහොමයක් තැන් වල තත්වය ඔය වගේ තමා රවා. මේවට් උත්තර හොයන්න නම් ප්‍රශ්නය මොකද්ද කියල අපි මිනිස්සු දැනුවත් කරන්න ඕනෙ. මම, මාරයා අපේ අත්දැකීම් බෙදාගෙන බලාපොරොත්තු වෙන්නෙ ඒක
මම අහන්න හිටියෙ මොකද මේ දවස් වල සද්දයක් නැතුව ඉන්නෙ කියලා!
ඔය පණ්ඩිතයෝ කියන දේවල් ගනන් ගන්න එපා. උන් දන්නේ අනුන්ගේ රෙදි අස්සෙ හොස්ස දාන්න විතරයි. තමන්ගේ රෙද්ද ඇතුලෙ මොනවද තියෙන්නෙ කියල ඒගොල්ලො ඔයිට වඩා බැලුවනම් යහපති!
තරිදු කිව යුත්තාට කියන්න ඔනේ එවා ඔක්කොම කියලා තියෙනවා.වැඩිය ලියන්න බැ මේ දවස්වල ගොරවනවා පස්සේ මම විස්තරාත්මකව පිලිතුරක් ලියන්නම්.
මට කියන්න තියෙන්නේ තරිඳු කරාපු දේ හරි කියලා. ඇයි මේකට විතරක් වැරදියි කියන්නේ. අපි ගිහි ජීවිතේදි කසාද බඳිනවා. එකට ඉන්න බැරි නම් දාලා යනවා. කසාදේ අතෑරලා යනවා. සමහරවිට දරු මල්ලොත් එක්කම. ඒකෙදි ලෝකයා ඒ දේ සාධාරණීකරණය කරන්න බොහෝ විට ඉදිරිපත් වෙනතැන් මම දැකලා තියෙනවා. ‘ඔව් ඉතින්, දෙන්නට එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක තමයි කරන්න තියෙන්නේ, තේරුමක් නැහැනේ’ වගේ දේවල් අනන්තවත් කියනවා. ඇයි ඒ තියරිය මේ වගේ දෙයකට අදාල නොවෙන්නේ?
තවදුරටත් ශීලය නිසියාකාරව රකින්න බැරුව, ලෝකෙට බොරුවට මවා පාන්න සිවුර දාගෙන ඉන්න එකේ පලක් නැහැ. ඒ දේ සිවුරක් දාන භික්ෂුන් වහන්සේ නමක් වගේම ලෝගුවක් දාන කිතුනු පූජකවරයෙක්ටත් පොදුයි. ආපසු හැරෙන්න බැරි තෙක් දුරක් ගොස් ශාසනයටත්, බුදු දහමටත් නිගා කරනවාට වඩා. ඊට කළින්, තමන් තතු නිසි ආකාරව දැන ගෙන මේ වගේ කුමන හෝ කාරණාවකට, කළින් සිවුර අත් හැරපු තරිඳුලා වගේ අයට මම පුද්ගලිකව ගරු කරනවා.
මහණ කම අත්හැරීම තව දුරටත් සාධාරණීකරනය කිරීම අනවශ්‍යයි. තෙවන් පාර්ශවයකට උත්තර බැඳීම කලයුතු නැහැ තරිඳු, තමන් කල දේ තම බුද්ධියෙන් විමසා තම ණැන පමණ එය සිදු කලා නම්. අනික ඔයාගෙන් ඒ පිළිබඳව නිදහසට කාරණා අහන්න අපි කවුද, ඔයාගේ ජීවිතය ඔයා අපෙන් ණයට ඉල්ලා ගත්ත එකක් නෙවෙයිනේ.
HATS OFF TO U MATE..!!
මේ කියපු එක නම් සම්පූර්ණ ඇත්ත
මම නම් බුද්ධාගම ගැන හිතන විදිහ වෙනස් ඒ කාලේ ආර්යයන්ගේ පීඩනයට එරෙහි චින්තන විප්ලවයක් විදිහට තමයි මම දකින විදිහට බුද්ධාගම එලියට එන්නේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවෝ ලංකාවට එනවත් එක්කම ඕක ලංකාවට ඇවිත් ඒත් එක්කම ලංකාවේ ලංකාවේ ඒකාලේ පැවතුන සංස්කෘතික පසුබිමට අවශ්‍ය විදිහට බුදුදහම ස්ථාපිත වුනා. ඊට පස්සෙ අසෝක දික්විජය අතෑරලා ධර්ම විජය ප්‍රතිපත්තියට බැහැලා ලංකාවට ථෙරවාදය බලෙන් පටවලා වුන විනාසය තමා ඹය තාම කන්ටිනිව් වෙන්නෙ. දැන් මේක මූලධර්මවාදයක් තරමටම භයානක වෙලා. ඉතින් ඔය තත්වය යටතේ මනුස්සයෙක් සිවුරට හිරවෙන සාමාන්‍ය සිද්ධියක්. ඒක හරියට නිකං බොන්ඩ් එකක් සයින් කලා වගේ තමයි. සමාජය විසින් සිවුර අතහරින්නාව නන්නත්තාර කරලා දානවා. ඕක මේ සිස්ටම් එකේ අවුලක් මොකද දැන් යන සිස්ටම් එකට අනුගත වෙන්න නම් අනිවාර්යයෙන් දේශප්‍රේමී සිංහල බෞද්ධ විය යුතුමයි.. මරු පෝස්ට් එක “හීරලුවා”
ස්තූතියි ආගන්තුකයා. මම නම් මේ ක්‍රමයට අනුව දේශ ද්‍රෝහියෙක්
මල්ලි මේ වෙසක් මාසේ මහා සිංහනාද සුත්‍රය දාපං සිංහලෙන්.. ඒක එහෙම පිටිම්ම කවියක්. පිස්සු හැදෙනවා..
ඒක විවාදාත්මක සූත්‍රයක්… හොඳයි ත්‍රිපිටකය සයිට් එකේ දාන්නම්.
පිං..!
Yes whatever complexity it is we know the reasons for your revelations(bogus) keep on doing it
oh you are back… welcome….
Dear Tharindu
I have heard of this term ‘Hiraluwa’for someone who left robes, but I don’t see anything offensive in it. If that is the term given to a person who has left his/her robes, thats it.
For instance we are known as ‘Sinhalese’ someone may call that offensive since a Lion is an animal that has a fierce face and a weak body, but we are known by that term and we accept it.
Finally People may say anything that comes to their mind, but are they giving you food, shelter or ready to sacrifice anything when you are in trouble, when you are facing problems you are alone so take the most appropriate decision you feel while discarding the attitudes of the others
Wish you the very best
thanks a lot hasala.
මේක අපේ රටේ බොහෝ විට කථා නොකරන මාතෘකාවක්.මගේ අදහස නම් මෙවැනි දේ වහාම බුද්ධාගමෙන් ඉවත් කල යුතුයි.
මෙවිට සමහර අපේ ඊනියා මහා බෞද්ධයන් කියන්න පුලුවන් බුදුහාමුදුරුවොත් රාහුල කුමාරයව මහණ කලේ බාල වයසෙදිම නිසා අපිත් ඒ සිරිත අනුගමනය කල යුතු බව.
නමුත් අවුරුදු 2500 කට ඉහත සමාජට වඩා අද කෙතරම් සමාජය වෙනස් වී ඇත්ද? එදා සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 16 න් විවාහ කරදුන් පමණින් අපිත් අපේ දරුවන්ට එලෙස කරනවාද? තවද අවුරුදු ගනනකට පෙර පැවති යල් පැනගිය සිරිත් හා හණමිටි අදහස් තව දුරටත් අනුගමනය කල යුතු බව කියන්නේ නම් අපද තකතීරු ඉස්ලාම් අන්තවාදී තලේබාන් කාරයන්ටත් වඩා අමන ගොන් රැළක් නොවන්නේද?
තරිඳු විසින් පවසා ඇති කරුනු වලට අමතරව, මෙලෙස කුඩා කලම මහණ වූ අය සිවුරේ දිගටම සිටියද, බොහෝ විට තමන්ට අහිමි වූ ජීවිතය (ලිංගික ජීවිතය, සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ආසාව ආදිය…) නිසාම දඩි මානසික පීඩනයකින් සිටිනුද දැකියහැක. මෙය පැහැදිලිවම දැකිය හක්කේ, මැදි වයසට ගොස් මහණ වූවකු හා සන්සදනය කිරීමේදීය. මේ දෙපිරිස අතර ඇති ආකල්ප වෙනස ඉතා විශාලය.
යමෙක් මහණ විය යුත්තේ අඩුම තරමින් අවුරුදු 16 වත් සම්පූර්ණව, තනිව සිතාමතා තීරණ ගැනීමට හැකි වූ පසුවය. එය තමාට මෙන්ම, බෞද්ධාගමට ද යහපතක් වනු ඇත.
තරිඳු, කවුරුත් කතා නොකරන, නමුත් අනිවාර්යෙන් කතා කල යුතු මාතෘකාවක් මතු කලාට ඔබට ස්තූතියි.
ඇතුලේ වෙන දේවල් දන්නෙ හිටපු එක්කෙනෙක්ම තමා මහෝදර සහෝ.
මම බ්ලොග් කියවන්න සෙට් උනේ ලඟදි… කථා ටික හරිම ලස්සනයි. මහණ දිවිය ගැන හොඳ අවබෝධයක් ලැබුන.ඉදිරිය ගැන නොඉවසිලිමත්……