අබේවර්ධන බාලසූරිය සහ මයිකල් ජැක්සන් | Micheal Jackson and Abewardena Balasuriya

මැරුණු මිනිස්සු ගැන විවේචනය කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි මම අහල තියෙන්නෙ. හේතුව ඒ අයට තමන් වෙනුවෙන් උත්තර දෙන්න බැරි නිසා. ඒ කෙසේ වෙතත් මෙතන මේ මියගිය පුද්ගලයෝ දෙන්නගෙන් නිරූපණය කරන්නෙ සංගීත සම්ප්‍රදායන් දෙකක් මිස ඒ පුල්ගල ප්‍රතිරූප නොවන බව මුලින්ම කියන්න කැමතියි.

මේක පටන් ගත්තේ මම මූණු පොතේ දාපු ස්ටේටස් මැසේජ් එකක් නිසා.

මයිකල් ජැක්සන්ගේ . . . → Read More: අබේවර්ධන බාලසූරිය සහ මයිකල් ජැක්සන් | Micheal Jackson and Abewardena Balasuriya

බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුදුරුවනේ

අකෝන් නිසා මේ දවස් වල මාර කලබල. අපේ බ්ලොග් කට්ටියත් හෝ ගාල ලියනව. ඔය අස්සෙ ඉතින් මටත් මේ ගැන ලියන්න හිතුන. ඊට කලින් මම ගියා අපේ මංත්‍රී හාමුදුරු කෙනෙක්ගෙන් මේ ගැන අදහස් දැන ගන්න. යනකොට හාමුදුරුවෝ දවල් දානෙ වලඳලා බුලත් විකක් හප හප ඉන්නව.

“ආ මේ අපේ හීරලු ලමයනෙ. කාලෙකින් මේ පැත්තෙ. මම හිතන්නෙ අව්රුදු 3 කින් . . . → Read More: බුදු පිලිමෙ ඉස්සරහ ගෑණු නටන එක පවුද හාමුදුරුවනේ

හීරලුවා, යාලුවෝ සහ බ්ලොගර් චරිත

කියන්න, ලියන්න දේවල් ගොඩක් තියෙනව. කොහෙන් පටන් ගෙන ඔහෙන් ඉවරයක් කරන්නද කියල මමත් දන්නෙ නෑ. හිතට එන විදියට කියන්නම්. මෙච්චර කාලෙකට මම හිතන් හිටියේ බ්ලොග් අවකාශේ ඉන්න එකම හීරලුවා මම කියල. පහුගිය දවස් ටිකේ මම වැරදි බව මට විතරක් නෙමේ හැමෝටම තේරුනේ, හැමෝම කියවන කසූගේ (කතන්දර සූරීන්) ලිපියක් කියවල ඒකට කමෙන්ට් දාපු මාරයාගේ හෝරාව ලියන කුමාර . . . → Read More: හීරලුවා, යාලුවෝ සහ බ්ලොගර් චරිත

My name is Tharindu and i am a terrorist

පොඩ්ඩක් ඉන්න. බය වෙන්න එපා. මම මේ ඇත්තම ත්‍රස්තවාදියෙක් නම් නෙමේ. මට ඒ උනාට මහණ වෙලා හිටපු කාලෙ කට්ටියම කිව්වෙ ත්‍රස්තවාදියා කියල මම කරන වැඩ නිසා. ඒ කෙසේ වෙතත් මම මේ කියන්න යන්නෙ අද මම බලපු චිත්‍රපටියක් ගැන. කාලෙකින් බලපු හොඳ හින්දි චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන තේමාවෙන් කතා කරන්නෙ 9/11 වලින් පස්සෙ මුස්ලිම් ජාතිකයන්ට විඳින්න සිද්ධ වෙච්ච . . . → Read More: My name is Tharindu and i am a terrorist

අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ….. පලමු කොටස

මේ සටහන ලියන්නේ මගේ මිත්‍රයෙක්ගේ මූණු පොතේ ස්ටේටස් එක දැකල ඇතිවුණු හැඟීම නිසා. පොඩි දරුවෝ දෙන්නෙක් මහණ කරනවා දැකපු මගේ මිත්‍රයා සාමාන්‍ය බෞද්ධයෙක් වගේ ඔහුගේ හිතේ ඇතිවෙච්ච පහන් හැඟීම සටහන් කරල තිබුණා. ඇත්ත දන්නවා නම ඇතිවෙන්නෙ තරහක් කියල මම උත්තර දුන්න ඒකට.

අපේ බෞද්ධයන්ට ඕනෙ හාමුදුරුවන්ට කියල සිල් රක්කවලා ඒ පිනෙන් තමන් නිවන් දකින්න. හාමුදුරුවන්ගේ සිල් ගැන . . . → Read More: අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ….. පලමු කොටස

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

මම මේ කියන්නෙ මම මහණ වෙච්ච විස්තර. මේකේ පලවෙනි කොටස කියවන්න මෙතන කොටන්න. පහුගිය කොටස ඉවර උනේ මට අර විකාර ඇඳුම අන්දපු තැනින්. ඔන්න ඉතින් ඒක ඇඳගෙන මම සබේට ආව. ඊලඟට කරන්න තියෙන්නෙ මහණ කම ඉල්ලන එක. ඔතන කියන පාලි පාඨ ගොඩක් තියෙනවා ඒ උනාට මට දැන් ඔක්කොම මතක නෑ. අවුරුදු 5 ක් වෙනවනේ. තුන් සිවුර . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

පලවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා තව ටිකක් මේක ලියන්න ඕන කියල හිතුවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ මම මහණ වෙච්චි දවසේ විස්තර. මේක උනේ වසර දෙදහස් පහක් වූ නවම් මස විසි පස් වෙනි දිනයි. සිංහලෙන් කිව්වොත් 2005-02-25. ස්ථානය කෑගල්ල කිට්ටුව සුන්දර ගම්මානයක පන්සලක්. මම මුලින් මහණ වෙන්න හිටියේ කෑගල්ලෙ නෙමේ ගාල්ලෙ. ඒක තවත් අතුරු කතාවක්. . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්.

මම . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

පන්සල් වගේද පල්ලි ? වෙසක් වගේද නත්තල්

අද නත්තල්. සාමයේ කුමරා ඉපදුනු දවස. එහෙම නැත්නම් ඉපදුනු එක සිහිකරන දවස. ඔන්න ඉතින් මගේ යාලුවෙක් කංකෙඳිරි ගාන්න පටන් ගත්තා රෑට පල්ලි යන්න එන්න කියල. බෑ කියන්න බෑනෙ ඉතින් ඊයෙ 5-6 වෙනකොට මමත් ගියා ඒ ගොල්ලන්ගේ ගෙදර. මම ඉතින් මීට කලින් පල්ලි ගිහින් නෑ. ඒ නිසා මම අඳින්න ඕනෙ මොනාද කරන්නෙ මොනාද කියල කලින්ම අහගත්තා. නෝන්ඩි . . . → Read More: පන්සල් වගේද පල්ලි ? වෙසක් වගේද නත්තල්

සිංහලයෙකු වී ඉපදීමේ කරුමය

ලංකාවේ මහ ජාතිය සිංහලලු. යකෝ එහෙනම් ඒක කොහොමද කරුමයක් වෙන්නෙ ? මහ ජාතියට ඔක්කොම ලැබෙන්න එපාය. සුලු ජාතියේ ඉපදුනාම වෙන්නෙ මහ ජාතිය විසින් උන්ගේ අයිතිවාසිකම් උදුරගන්න එක. ඕං අහගනිල්ලකො මහජාතියේ ඉපදීම නිසා මට නැතිවෙච්ච අයිතිවාසිකම්

තමන්ගේ ජාතිය ගැන කතා කිරීමේ අයිතිය

අවුරුදු 2500 කටත් වඩා ඉතිහාසයක් තියෙන, මේ රට ජනාවාස කරපු, ගොඩනගපු තමන්ගේ ජාතිය ගැන මහ ජාතියේ . . . → Read More: සිංහලයෙකු වී ඉපදීමේ කරුමය

lankeeya sithuwili

යන එන ඇත්තෝ