ත්‍රිපිටකයේ කාන්තාවට නිසි තැන ලැබී ඇත්ද ?

බුදු රදුන් පහල වුණු කාලයේ කාන්තාවට තිබුණු තැන ගැන බොහෝ දෙනෙක් කියවා අසා ඇති. පුරුෂ මූලික, බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට හිමි උනේ ශුද්‍රයන්ට හිමිවුණු තැනට වැඩි තැනක් නොවේ. මනුස්මෘථියේ සඳහන් වන ආකාරයට කාන්තාවට මෝක්ෂය ලැබිය හැකි එකම මාර්ගය සැමියාට කීකරු වීමයි. ගැහැණු දරුවෙක් ඉපදීම අසතුටට කාරණයක් ලෙස එදා සැලකුණා.

තමන්ට දුවක් ඉපදුනු බව දැනගෙන අසතුටට පත් වෙච්ච කොසොල් . . . → Read More: ත්‍රිපිටකයේ කාන්තාවට නිසි තැන ලැබී ඇත්ද ?

තරහ ගියාද ?

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක සුර අසුර යුද්ධයක් පටන් ගන්න ඔන්න මෙන්න. නුවණැති වේපචිත්ති අසුර නායකයාට තේරුනා යුද්ධය ඇවිලුනොත් දෙපැත්තටම ගොඩක් හානි වෙනවා කියල. ඒ නිසා වේපචිත්ති ගියා සක්‍ර දෙයියෝ, ඒ කියන්නෙ සුරයන්ගේ (ඉනේ, කරේ බඳින සුර නෙමේ) නායකයා හම්බ වෙන්න.

“මචං සක්‍ර. වලිය පටන් ගත්තොත් දෙපැත්තටම අම්බානකට කන්න වෙන්නෙ. අපි මේක ගොඩින් බේරගමුද ?”

සක්‍ර දෙයියන්ටත් තේරුනා . . . → Read More: තරහ ගියාද ?

අලුත් වැඩකට අත ගැහුවා….

මම අලුත් වැඩකට අත ගැහුවා. වැල්වටාරම් නැතුව කියනවනම්, ත්‍රිපිටකයේ සිංහල තේරුම යුනිකෝඩ්කරණයට ලක් කරන්න. තේරුන් නෑ ? ත්‍රිපිටකයේ සිංහල තේරුම දැනටත් ඩිජිටල් මාධ්‍යයෙන් තිබ්බට ඒවා තියෙන්නේ “ත්‍රිපිටක” ෆොන්ට් එකෙන්. අපි කවුරුත් යුනිකෝඩ් ප්‍රචලිත කිරීමට දායක වෙන්න ඕන මම හිතන්නෙ. අනෙක් අතට ත්‍රිපිටකයේ සිංහල තේරුම මේ විදියට තියෙනකොට අපිට ඕන දෙයක් හොයාගන්න පුලුවන්. සමහර අය අර පොතේ . . . → Read More: අලුත් වැඩකට අත ගැහුවා….

විතණ්ඩවාදීන්, සොක්‍රටීස් ක්‍රමය සහ අද දවසේ පාසල

පෙරවදන – කරුණාකර මේ ලිපිය කියවීමට පෙර සොක්‍රටීස් ගැන ලියවුණු පලමු සහ දෙවන සටහන් කියවන්න

විතණ්ඩවාදීන් සහ සොක්‍රටීස් අතර තිබුණු සමානකම තමයි ඔවුන් තමන්ගේ අවධානය ස්වභාව ධර්මයෙන් ඈත් කරල මිනිසා සහ සමාජය පැත්තට යොමු කරපු එක. විතණ්ඩවාදීන් කිව්වෙ ගැඹුරු, පැටලිලි සහගත දාර්ශනික ප්‍රශ්න වලට උත්තර තියෙන්න පුලුවන් උනත් අපිට කවදාවත් නියම පිලිතුරු සොයා ගන්න බැරි වෙයි කියල.

මම . . . → Read More: විතණ්ඩවාදීන්, සොක්‍රටීස් ක්‍රමය සහ අද දවසේ පාසල

ඇතැන්ස් නුවර ඇට මැස්සා – සොක්‍රටීස් (II)

ඔන්න ඉතින් අපේ සොක්‍රටීස් පහල වෙන්නෙ ඔය විදියට විතණ්ඩවාදීන් දර්ශනවාදය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවපු කාලයකදී.

සොක්‍රටීස් කියන්නෙ කව්ද ?

ඔහු ජීවත් උනේ ක්‍රි.පූ. 470 -399 අතර කාලයෙදි. බොහෝ දාර්ශනිකයො ඔහුව හඳුන්වන්නෙ සමස්ත ඉතිහාසයේම තේරුම් ගැනීමට ඉතාම අපහසුපුද්ගලයා හැටියට. ඔහු ඉපදුනේ ඇතැන්ස් නුවර. ඔහුගේ කාලය වැඩියෙන්ම ගත උනේ නගරයේ කඩ මණ් ඩි වල හන්දි වල මිනිස්සුත් එක්ක කතාකරමින්. . . . → Read More: ඇතැන්ස් නුවර ඇට මැස්සා – සොක්‍රටීස් (II)

ඇතන්ස් නගරයේ ඇට මැස්සා – සොක්‍රටීස් (ඇරඹුම)

පෙරවදන -දර්ශනවාදය මගේ කුතුහලය අවුස්සන විශයක්. මම ඒක ගැඹුරින් ඉගනගෙන නෑ. ඒ නිසා මම කියන දේවල් වල සමහර විට වැරදි, අදු ලුහුඞුකම් තියෙන්න පුලුවන්. දන්නා අය කරුණාකර නිවැරදි කරන්න.———————————————-

දර්ශනය ගැන කතාකරනකොට අපට මුලින්ම මතක් වෙන්නෙ ඇතැන්ස් නුවර වාසය කරපු ප්‍රසිද්ධ දාර්ශනිකයො තුන් දෙනෙක්. සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඇරිස්ටොටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගෙ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් ගැන කතා . . . → Read More: ඇතන්ස් නගරයේ ඇට මැස්සා – සොක්‍රටීස් (ඇරඹුම)

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

මම මේ කියන්නෙ මම මහණ වෙච්ච විස්තර. මේකේ පලවෙනි කොටස කියවන්න මෙතන කොටන්න. පහුගිය කොටස ඉවර උනේ මට අර විකාර ඇඳුම අන්දපු තැනින්. ඔන්න ඉතින් ඒක ඇඳගෙන මම සබේට ආව. ඊලඟට කරන්න තියෙන්නෙ මහණ කම ඉල්ලන එක. ඔතන කියන පාලි පාඨ ගොඩක් තියෙනවා ඒ උනාට මට දැන් ඔක්කොම මතක නෑ. අවුරුදු 5 ක් වෙනවනේ. තුන් සිවුර . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම II )

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

පලවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර නිසා තව ටිකක් මේක ලියන්න ඕන කියල හිතුවා. ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ මම මහණ වෙච්චි දවසේ විස්තර. මේක උනේ වසර දෙදහස් පහක් වූ නවම් මස විසි පස් වෙනි දිනයි. සිංහලෙන් කිව්වොත් 2005-02-25. ස්ථානය කෑගල්ල කිට්ටුව සුන්දර ගම්මානයක පන්සලක්. මම මුලින් මහණ වෙන්න හිටියේ කෑගල්ලෙ නෙමේ ගාල්ලෙ. ඒක තවත් අතුරු කතාවක්. . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 2 කොටස (මහණ වීම)

ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

නමෝ බුද්ධාය කියල අලුත් අව්රුද්දෙ මම ඔන්න මුලින්ම ලියන්න යන්නෙ ආගම සම්භන්ධ දෙයක්. මේක ලියන්න ආසන්නම හේතුව සමර සහ දුකා අයිය කරපු ඉල්ලීම්. මම හීරලුවෙක් කියල බ්ලොග් අවකාශේ කට්ටිය ගොඩ දෙනෙක් දන්නෙ නෑනෙ. ඕං එහෙනම් අද ඒකත් කිව්ව. මහණ වෙලා හිටපු කාලෙ වෙච්ච දෙයක් තමා මේ කියන්න යන්නෙ. මහණ වෙච්චි හැටි ගැන නොකියා කෙලින්ම කතාවට බහින්නම්.

මම . . . → Read More: ආලෝකෝ උදපාදි – අන්ධකාරෝ භයංකාරං – 1 කොටස

මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

අර කල්පා සහෝදරීට පිරිමි පෙන්නන්න බෑ. ඉතින් හැමදාම පුරුසයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා. ඔය වෙලාවට ඉතින් අපේ රොෂාන් සහෝ කාන්තාවන්ට විරිද්ධව පාවිච්චි කරන පාලි සහ සංස්කුරුත වචන දෙකක් තියෙනවා. ඒ ද්වංගුලපඥ්ඥ (දෑඟුල් නුවණැත්තී) සහ නරකමාර්ගස්‍යද්වාරදීපිකා (නරකයට යන මාර්ගයේ දොර එලිය කරන්නී). පලවෙනි එක පාලි. දෙවනි එක සඟිස්කුරුත. ඔය දෙකම බ්‍රාහ්මණයො කාන්තාවන්ව හඳුන්වපු වචන මිස ‍රොෂාන් නිර්මාණය . . . → Read More: මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

lankeeya sithuwili

යන එන ඇත්තෝ